‘හෝයියා පුරේට’ බෙහෙත් දොර ඇරලා

143

වසර කිහිපයකට ප්‍රමාණවත් ඇතැම් ඖෂධ හා එන්නත් ගබඩාවල හා රෝහල්වල තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය සැපයුම් අංශය අත්‍යවශ්‍ය ලෙස මෙරටට ඖෂධ ගෙනැවිත් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී.

මේ වනවිට රෝහල්වල තිබෙන ඇතැම් ඖෂධ හා එන්නත් මෙම වසරේ කල්ඉකුත් වන බැවින් ඒවා වහා පාවිච්චියට ගන්නා ලෙස දැනුම් දී ඇතැයි ද ඒ මහතා කියා සිටී. කෑම බීම නම් නැති බැරි අයට බෙදා දී හෝ අවසන් කළ හැකි මුත් කල්ඉකුත් වන්නට තිබෙන ඖෂධ හා එන්නත් රෝගීන්ට වැඩිපුර ලබාදීමට හැකියාවක් නැතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

ඉන්දියානු ණය පහසුකම් යටතේ ගෙන්වා ඇති ඖෂධ හා එන්නත් සඳහා ශ්‍රී ලංකා රුපියල් ශතවලින් ගෙවීම් කර තිබීම ද ප්‍රශ්නයක් බව ද ඒ මහතා කීය.

මෙරට ගබඩාවල ඇතැම් ඖෂධ හා එන්නත් තිබියදී අත්‍යවශ්‍ය ලෙස එවැනි ඖෂධ තොග ගෙන්වීමට සම්බන්ධ ප්‍රසම්පාදන හා තාක්ෂණික කමිටු ක්‍රියා කළ ආකාරය හා ව්‍යාජ ලිපි ලේඛන සැකසීම් ආදිය පිළිබඳ සොයා බලා මේ සංවිධානාත්මක අපරාධයට වගකිව යුතු දේශපාලනඥයින් හා මහමොළකරුවන් නීතියේ රැහැනට හසු කරදීම වත්මන් සෞඛ්‍ය ඇමැති හා අමාත්‍යාංශ ලේකම් වෙත පැවරී තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment