කූට වෙළෙඳුන් මට්ටු කරන්න පොලිසියට බලතල

205

පාරිභෝගික ජනතාව ගසාකන කූට වෙළෙඳුන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය බලතල හිමි වන පරිදි නව පාරිභෝගික පනතක් ගෙන ඒමට පියවර ගෙන ඇතැයි අධිකරණ බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

දැනට පවතින පාරිභෝගික පනත මගින් පොලිසියට කූට වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලතල නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සිදුකරන වැටලීම් සාර්ථක නොමැති බවට මහජනතාවගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතින බව ද ඇමැතිවරයා පැවසීය.

මේ වනවිට ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී ඇතත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට හෝටල් හිමියන්, බේකරි නිෂ්පාදකයන් ඇතුළු බොහෝ දෙනකු පියවර ගෙන නැතැයි මහජන පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment