නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක්

200


නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක තාක්ෂණික දෝෂයක් නිසා ඇතිවූ හදිසි බිඳවැටීමකින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක විදුලිය සැපයුමක් අහිමිවී ඇත.

එහි අලුත්වැඩියා කටයුතු විදුලිබල මණ්ඩලය ආරම්භ කර තිබේ. දින 05ක් ඇතුළත එය නැවත ජාතික පද්ධතියට සම්බන්ධ කරන බව විදුලි බල මණ්ඩලය පවසයි.

තාප හා ජල විදුලි බලාගාර මගින් විදුලිය කළමනාකරණය කරගන්නා බවත් විදුලිය කැපීමේ කාලසීමාව වැඩිකිරීමට බලාපොරොත්තු නොවන බවත් විදුලි බල අමාත්‍යංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment