ඉන්දියාවෙන් ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව

140

ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය 2023-24 අධ්‍යයන වර්ෂය සඳහා BIMSTEC ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ පහත සඳහන් පාඨමාලා සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවයි.

  • ඉතිහාස අධ්‍යයන පිළිබඳ MA සහ PHD
  • බෞද්ධ අධ්‍යයන, දර්ශනය සහ සංසන්දනාත්මක ආගම් පිළිබඳ MA සහ PHD
  • හින්දු අධ්‍යයන (සනාතන ධර්ම) පිළිබඳ MA සහ PHD
  • පරිසර විද්‍යාව (Ecology and Environment Studies) පිළිබඳ MSc සහ PHD
  • තිරසාර සංවර්ධනය සහ කළමනාකරණය පිළිබඳ MBA
  • ඉංග්‍රීසි භාෂාවේ ලෝක සාහිත්‍යය පිළිබඳ MA සහ PHD

මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය ඇතුළත් වීමේ ගාස්තු, පාඨමාලාවේ පන්ති ගාස්තු, නවාතැන් ගාස්තු සහ මාසික වියදම් දීමනාවක් ආවරණය කරන අතර එයට අමතරව ඉන්දියාවට පැමිණීමට සහ ඉන්දියාවෙන් යාමට එක් ගුවන් ගමන් වාරයක් සඳහා ගුවන් ගමන් ගාස්තු ද පිරිනමයි.

මෙම ශිෂ්‍යත්ව පිළිබඳ තොරතුරු https://nalandauniv.edu.in/admissions/. හරහා ලබා ගත හැකිය. තව ද [email protected]. යන ඊ-මේල් ලිපිනයට ඊ-මේල් කිරීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගත හැකිය. වෙබ් අඩවිය (https://nalandauniv.edu.in/admissions/) හරහා අයදුම්පත් යොමු කළ හැකි ප්‍රමුඛතා අවසාන දිනය 2023 ජූනි 10 වේ.

advertistmentadvertistment
advertistmentadvertistment