රාජ්‍ය ආයතන 05ක් කෝප් හමුවට

171

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ.හෙට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.ලබන සිකුරාදා දිනයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment