ඉන්දීය සහයෝගය ඇතුව ගෘහස්ථ පේෂ කර්මාන්තකරුවන්ට සූර්ය ජනන බලශක්තිය හඳුන්වාදීමට යයි

97

ඉන්දීය සහයෝගය ඇතිව මෙරට ගෘහස්ථ පේෂ කර්මාන්තකරුවන් සඳහා සූර්ය ජනන බලශක්ති තාක්ෂණය හඳුන්වාදීමට කුඩා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සිය අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ඉල්ලීම්වලට අනුව එම තාක්ෂණය හඳුන්වාදීමට ඉන්දීය මධ්‍යම ප්‍රදේශ් දුම්රිය හා පේෂකර්ම ඇමැතිනි දර්ශනා ජර්දෝෂ් මහත්මිය එකඟ වූ බව ඉන්දියාවේ සංචාරයක නිරත වූ කුඩා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළේය.

මෙම ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමටත් කෙසෙල් කෙඳි, අන්නාසි කෙඳි, උණ කෙඳි මධ්‍යම ප්‍රදේශ් හයක කර්මාන්තකරුවන්ට ලබාගැනීම සඳහා විශාල වෙළෙඳපළක් නිර්මාණය කිරීමේ හැකියාවද මෙහිදී දෙපාර්ශ්වය විසින් සාකච්චා කර ඇත.

එසේම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතන සමග තාක්ෂණික සහ පුහුණු හුවමාරු සඳහා මෙහිදී එරට පේෂ කර්මාන්ත ඇමැතිවරිය එකඟතාව පළ කර සිටි බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment