මඩකලපුව මුහුදේ භූ කම්පනයක්

258

මඩකලපුවට ඊසාන දිගින් කිලෝමීටර් 310ක් වූ ගැඹුරු මුහුදේ රිච්ටර් මාපක හතරයි දශම හයයි පහක (4.65) ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඊයේ (11දා) අලුයම සිදුවී ඇත. මීට පෙරත් මේ ප්‍රදේශයේ භූ කම්පන සිදුවී ඇතැයි පැවසේ.

ඊයේ අලුයම 1.29 ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබූ බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය පවසයි. මෙම ප්‍රදේශයේ මීට පෙරත් මෙවැනි භූකම්පන වාර්තා වී ඇතැයි ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය ප්‍රකාශ කළාය.

භූ කම්පනයෙන් මෙරටට කිසිදු අවධානමක් නොමැති බවත් මෙම භූ කම්පනය මහකනදරාව, පල්ලෙකැලේ, බුද්ධංගල සහ හක්මන යන භූ කම්පන මානවල සටහන් වී ඇතැයිද ඇය කියා සිටියාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment