මැතිව්ස් සීමිත පන්දුවාර පිටියේ ලයන්ස් සමග ‘ටෙස්ට්’ එකක

263

එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග හෙට (15 වැනිදා ) සිට ආරම්භ වීමට නියමිත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ජේ්‍යෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබේ. වසර දෙකකින් පමණ එක්දින අන්තර්ජාතික තරගයකට සහභාගි වී නොමැති ඊට පෙර එම අංශයෙන් තරග 218ක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති මැතිව්ස් එළඹෙන නවසීලන්තය සංචාරයේදී ශ්‍රී ලංකා සීමිත පන්දු වාර කණ්ඩායමට එක්වීමට නියමිතව සිටී.

එම සංචාරයට පෙර මැතිව්ස්ට වඩා හොඳ පුහුණුවක් ලබාගැනීම එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව මැතිව්ස් යෙදවීමට හේතු සාධකය වේ. එක්දින තරග 218ක් තුළදී මැතිව්ස් ලකුණු 5835ක් වාර්තා කර තිබේ.

හෙට සිට ලයන්ස්ට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ නායකත්වය සදීර සමරවික්‍රම විසින් දරනු ලබයි.

මීට පෙර එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබූ කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග රදැල්ලේ පුහුණුවට යෑමට නියමිතය.

ලයන්ස් කණ්ඩායමට එරෙහිව නම් කර ඇති ශ්‍රී ලංකා “ඒ” සංචිතය

අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සදීර සමරවික්‍රම (නායක), සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රමෝද් මදුෂාන්, දුෂාන් හේමන්ත, මිලාන් රත්නායක, කවිෂ්ක අංජුල, ලහිරු උදාර, නිපුන් දනංජය, සුමින්ද ලක්ෂාන්
කුෂාන් සුභසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment