අසරණ පවුලකට ලැබුණු නිවස මැර පිරිසක් බිමට සමතලා කරති… පොලිසියට පැමිණිලි කළත් පියවරක් ගෙන නැතිලූ! නිවස ගළවා ට‍්‍රැක්ටරයෙන් තහඩුත් ගෙන ගිහින්

377

අනුරාධපුර සාලියපුරින් ඊයේ ඇසුණු කතාවක්

නිවසේ දොර ජනෙල් ගලවා ට‍්‍රැක්ටරයක පටවාගෙන යන අයුරු සහ මැර ප‍්‍රහාරයට ලක්වූ නිවස


 මිහින්තලේ – රංග චතූ
 
 ආරක්ෂක අංශ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් සමග එක්ව අනුරාධපුර සාලියපුර ප‍්‍රදේශයේ අසරණ පවුලකට ඉදිකර දුන් නිවසක්, මැර පිරිසක් එක්ව ඊයේ (8 දා* උදෑසන කඩා බිමට සමතලා කරමින් එහි තිබූ ගොඩනැඟිලි ද්‍රව්‍ය ට‍්‍රැක්ටරයකින් රැුගෙන ගියහ.
 
 මෙම මැර කාන්තාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, අනුරාධපුර මූලස්ථාන පොලිසියට, අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශීය ලේකම්වරයාට වසම භාර ග‍්‍රාම නිලධාරිවරියට ලිඛිතව දන්වා ඇතත්, මැර පිරිසට අවශ්‍ය අන්දමින් කටයුතු කිරීමට ඉඩදී සියලූම රාජ්‍ය නිලධාරින් නිහඬව සිටිනා අයුරු ගම්වැසියෝ පවසති.
 
 දැනට අසරණ වී සිටින පවුලේ සාමාජිකයන් අනුරාධපුර පොළ පාර, කුම්බිච්චන්කුලම නව නගරය ලිපිනයේ පදිංචිව සිට ඇති අතර රජයේ අවශ්‍යතාවක් මත ඉවත් කළ ඔවුන්ට 2005 පෙබරවාරි මස අංක 193 තෙප්පන්කුලම, සාලියපුර, අනුරාධපුර පිහිටි ඉඩම ලබාදී තිබේ. ප‍්‍රදේශයේ තවත් පිරිසක් සමග එකතු වී ප‍්‍රචණ්ඩව හැසිරෙන තැනැත්තියක සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අනුරාධපුර මූලස්ථාන පොලිසියට අගතියට පත් පාර්ශ්ව පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එම පැමිණිලි විභාග කිරීම නිසි අන්දමින් සිදු නොකර, පැමිණිලි පාර්ශ්වය අත්අඩංගුවට ගන්නා බවට ඉහළ නිලධාරින් පොලිසිය තුළදී අවස්ථා කිහිපයකදීම තර්ජනය කළ බව නිවස හිමි එක්දරු මව පැවසීය. අසරණ වී සිටින මෙම පවුලේ සාමාජිකයන් හට ස්ථිර රැුකියාවක් නොමැති නිසා පොලිස් දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්ෂක බළකාය සිය ශ‍්‍රමදායකත්වය ලබා දෙමින් ව්‍යාපාරිකයන් පිරිසකගේ ධන පරිත්‍යාගයෙන් නිවස ඉදිකර දී තිබේ. දින කිහිපයකට ඉහතදී නිවසේ හිමිකාරිය වන කාන්තාවට අයත් ඇයගේ රෙදිපිළි, දරුවාගේ පාසල් පොත් පත් ඇතුළු සියලූම බඩු බාහිරාදිය කොල්ලකරුවන් පිරිසක් යොදවා කොල්ලකා රතු පැහැති ට‍්‍රැක්ටරයකින් රැුගෙන ගොස් තිබේ. විදුලිය, නළ ජලය පිහිටි නිවස කිසිවකුගේ උපදෙස් මත එක්වී පිරිසක් යොදවා ඊයේ (08 දා* දිනයේ බිමට සමතලා කිරීම ආරම්භ කළහ.
 
 මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට, පොලිස් හදිසි ඇමතුම් අංශයට, අගතියට පත් පිරිස අප ඉදිරියේදීම ඇමතුම් ලබා දුන්නත් ඔවුන් එහි නොපැමිණියේය. කොල්ලකෑම නිවස විනාශ කිරීම ඇතුළු ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළත් ඊට කිසිදු ක‍්‍රියා මාර්ගයක් නොගනිමින් ඇතැමෙකුට අවශ්‍ය ආකාරයට පොලිසිය කටයුතු කරන බව ගම්මුන් චෝදනා කළහ. නිවසේ උළුවහු, දොර ජනෙල් හා සෙවිලි තහඩු සියල්ලම ගැලවීමෙන් පසුව රතු පැහැති ට‍්‍රැක්ටරයකින් සාලියපුර හතරේ ඇළ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කළ අයුරු ඡුායාරූපවලින් දැක්වේ. ඇතැම් බලවතුන්ගේ සහාය ඇතිව මෙම මැර පිරිස මෙහෙයවූ ඇතැම් අය ගම්මානයේ චණ්්ඩිකම් සිදු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන බවද ගම්මුන් අනාවරණය කළහ.
 

advertistmentadvertistment
advertistmentadvertistment