පොලිස් නිලධාරියකු සපා කෑ කසිප්පු විකිණූ කත අත්අඩංගුවට

91

යාපනයේ මයිලන්කාඩු ප්‍රදේශයේ කසිප්පු අලෙවි කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට චුන්නාකම් පොලිසියේ නිලධාරීන් පිරිසක් ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සපා කෑ කාන්තාව අත්අඩංගුවෙන් මිදී පෙරේදා (26 දා) පලාගොස් තිබේ.

පොලිස් නිලධාරීන් වහාම සැකකාරිය ලුහුබැඳ ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ කසිප්පු ලීටර් 19 ක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

වයස අවුරුදු 34 ක මෙම සැකකාරිය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලිසිය පියවර ගෙන තිබේ.

එම කාන්තාව කාලයක් තිස්සේ කසිප්පු අලෙවි කිරීම සිදු කරගෙන ගොස් ඇති අතර මීට පෙර අවස්ථා තුනකදීම අධිකරණයෙන් වරදකරු කොට දඩ ගසන ලද කාන්තාවක් බව චුන්නාකම් පොලිසිය පැවසීය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment