අවදානමට පෙර සූදානම – (බූස්ටරය ගසන්න)

696

දැනට ලොව පුරා පැතිර යන ඔමික්‍රෝන් කොරෝනා වෛරසයේ අලූතින් හඳුනාගැනුණු ‘බීඒ2’ ප‍්‍රභේදය රටවල් හතළිස් පහක් ආක‍්‍රමණය කර තිබේ. එංගලන්තය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය මෙන්ම ශී‍්‍ර ලංකාව ද එම රටවල් අතරට අයත්ය. මෙම ප‍්‍රභේදය ආසාදනය වූ 12දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති ඌනතා හා ෙසෙල ජෛව විiායතනයේ අධ්‍යක්‍ෂ වෛi චන්දිම ජීවන්දර මහතා පසුගිය 25 වැනිදා ‘දිවයින’ට අනාවරණය කර තිබිණි.

 මේ අතර ශී‍්‍ර ලංකාවෙන් හමුවන කොරෝනා රෝගීන්ගේ ප‍්‍රමාණය යළිත් වරක් වර්ධනයවන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. ඒ අනුව පසුගිය 19 වැනිදා කොරෝනා රෝගීන් 829ක් ද 20 වැනිදා 827ක් ද 21 වැනිදා 840ක් ද 22 වැනිදා 845ක් ද 23 වැනිදා 838ක් ද 24 වැනිදා 877ක් ද 25 වැනිදා 891ක් ද සොයාගෙන ඇත. මෙම සංඛ්‍යා ලේඛන තහවුරු කරනුයේ අප රටට කෙරෝනා තුන්වෙනි රැුල්ලත් ඇති වීමේ අවදානමයි. කොරෝනා රැුලි දෙකකට මුහුණ දීමට සිදු වූ නිසා රට නන්නත්තාර වී ගිය අයුරු කාටවත් අමතක නැතැයි අපි විශ්වාස කරමු. පසුගිය 24 වැනි දා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යාංශ මාධ්‍ය ප‍්‍රධානීන්ට අවධාරණය කරනු ලැබුයේ ද තත්ත්වය භයානක විය හැකි බැවින් මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවයි.

 අප රටේ මේ මොහොතේ බරපතළ ප‍්‍රශ්න ගණනාවක් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. භාණ්ඩ මිල අහස උසට නැඟ තිබේ. ගෑස් ප‍්‍රශ්නය තවමත් මුළුමනින්ම විසඳී නැහැ. ඒ අස්සේ විදුලි අර්බුදයත් නිර්මාණය වී ඇත. තෙල් ගන්න ඩොලර් නැත. ගොවීන්ට පොහොර නොමැතිව තවත් අර්බුදයක් නිරූපණය වී ඇත. මේ සියලූ අර්බුද යම් ප‍්‍රමාණයකින් නිරාකරණය කර ගැනීමට නම් රට අනිවාර්යයෙන්ම විවෘතව තැබිය යුතුය. බැරි වෙලාවත් කොරෝනා තෙවැනි රැුල්ලක් නිර්මාණය වුවහොත් අපට වැටීමට තැනක් නැත. ඒනිසා මේ මොහොතේ පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සියලූ දෙනා ජනතාව පෙළඹිය යුත්තේ කොරෝනාවෙන් මිදී ජීවිතය කළමනාකරණය කර ගැනීමට අවැසි තැනට කටයුතු කිරීමය. කවර අභියෝග මැදවුව ද මේ වන විට රට සාමාන්‍යකරණය වී තිබෙන්නේ රටේ බහුතර ජනතාව කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකක් ගත් බැවිනි.

 නමුත් අප කලින් සඳහන් කළ අයුරින්ම තත්ත්වය වෙනස් වී තිබේ. කොරෝනාවෙන් මිදී ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට තුන්වෙනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගත යුතු බව විශේෂඥ වෛi මතය වී තිබේ. නමුත් අවාසනාවකට අප රටේ තවමත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ 30%කට අඩු ප‍්‍රමාණයකි. සමහර සමාජ මාධ්‍ය, සමහර පුද්ගලයන් හා කණ්ඩායම් බූස්ටර් එන්නතට එරෙහිව ගෙන යන මිත්‍යා මත මෙම තත්ත්වයට ම ප‍්‍රධාන හේතුව වී තිබේ. අනෙක් අතට කොරෝනා එන්නත් මාත‍්‍රාව දෙක ගත්විට තමන් සුරක්‍ෂිත යැයි ඇතැම්හු කල්පනා කරති. මේ මොහොතේ අප සිතින් මවා ගත් උපකල්පන හෝ මිත්‍යා මතවලට ඉඩදිය යුතු නැත. අප ඇහුම්කන් දිය යුත්තේ වෛi මතයට පමණි. හැමෝම වෛiවරු වීමට ගියහොත් සිදුවන්නේ විපතකි. රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛi කමල් ජී. පෙරේරා මහතා අවධාරණය කරනුයේ කොරෝනා මර්දනය වෙනුවෙන් ලබාදුන් මාත‍්‍රා ද්විත්වය ලබාගත් පුද්ගලයන්ට කිසිදු සංකූලතාවයක් ඇතිනො වී තිබෙන තත්ත්වයක දී බූස්ටර් එන්නත ලබා ගැනීමට අනිසි බියක් ඇති නොකර ගත යුතු බවයි. ඒනිසා ම තමනුත් තම ආදරණීයනුත් රටත් අමාරුවේ නොදමා බූස්ටර් එන්නත ලබා ගන්නැයි අපි ජනතාවගෙන්

 ඉල්ලා සිටින්නෙමු. කොරෝනා එන්නත් තුනක් ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වීම තුළ අපට රටට තුන්වෙනි කොරෝනා රැුල්ලක් නිර්මාණය වීමේ ඉඩ අහුරා ගැනීමට පුළුවන. මේ මොහොතේ තම පුරවැසි වගකීම ඉටුකිරීම ජනතාවගේ යුතුකමකි. එදා ෆයිසර් එන්නත ලබා ගැනීමට වළිකෑ අය අද එය බූස්ටරය ලෙස ලබා දෙද් දී ඊට නොපෙළබෙන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයකි. ඒනිසා මේ මොහොතේ දී අපි සියලූදෙනා එක්ව බූස්ටර් එන්නතට එරෙහිව පවතින ව්‍යාජ මතවාද පරාජය කිරීමට පෙරට ආ යුතුය. තම පටු පවිටු අරමුණ වෙනුවෙන් කොරෝනා වසංගතය පාවිච්චි නොකරන්නැයි ඊට උල්පන්දන් දෙන්නන්ට අපි මතක් කර දීමට කැමැත්තෙමු.

 මෙම එළැඹෙන 29 වැනිදාට ශී‍්‍ර ලංකාවේ කොරෝනා එන්නත්කරණයට වසරක් සපිරේ. එදිනට කොරෝනාවලින් අප ජනතාවත් රටත් බේරා ගැනීමට කැපවූවන්ට ආශීර්වාද පැතීමේ මහා පිංකමක් ද පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එදිනට රට පුරා රෝහල්, ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාල ඇතුළු මධ්‍යස්ථානවල දී සෞඛ්‍ය මධ්‍යස්ථාන 1500ක දී ජනතාවට බූස්ටර් එන්නත ලබාදීමේ ප‍්‍රවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. වසරක් තුළ එන්නත්කරණය ලොව පළමු රටවල් පහ අතරට පැමිණීමට ශී‍්‍ර ලංකාවට හැකි වීම ද ජයග‍්‍රහණයකි. බූස්ටර් එන්නත් ලබාගෙන එම තත්ත්වය තවදුරටත් ආරක්‍ෂා කර ගැනීම අපි සැමගේ වගකීම බව යළිත් වරක් අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment