හිරගෙදරම වයසට ගිය රැඳවියන්ට ජනපති සමාව

679

බන්ධනාගාරවලම වයසට ගිය රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ආරම්භ කර ඇත.

මෙම රැඳවියන් පිළිබඳව සමීක්‍ෂණයක් කර ඔවුන්ගේ ලෙඩ රෝග සහ වයස සොයා බලා අධීක්‍ෂණය කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇතත් ඔවුන් නිර්දේශ කර ඇත්තේ අසනීපයෙන් පසුවෙන වයස්ගත රැඳවියන් 12 දෙනකු පමණක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අනුව මෙම 12 දෙනාට මෙසේ ජනාධිපති සමාව ලැබෙනු ඇත.

ඇමැතිවරයා පවසන අන්දමට මෙරට බන්ධනාගාරවල වයස්ගත දුර්වල මෙන්ම රෝග පීඩා සහිත සිරකරුවන් සියයක් පමණ සිටින නමුත් වෛද්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ මෙම 12 දෙනා පමණි.

දේවද්‍රයන් නමැති එල්ටීටීඊ රැඳවියකු පිළිකාවක් වැළඳීම නිසා මෑතකදී ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බවද අධිකරණ ඇමැතිවරයා පැවසීය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment