හිටපු පොලිස්පතිටම මාස 03ක සේවා දිගුවක්

154

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාටම තවත් මාස 3 ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 වැනිදා) නියෝග කළේය. පොලිස්පති ධුරයට සුදුස්සකු පත්කිරීම දින ගණනක් තිස්සේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

එම සාකච්ඡාවෙන් පසු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නැවතත් හිටපු පොලිස්පති වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට තීරණය කර ඇත.

සී ඩී වික්‍රමරත්න මහතා අද (10 වැනිදා) සිට යළි සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක යන මහත්වරුන් අතරින් කිසිවකු හිස්වූ පොලිස්පති ධුරය සඳහා පත්කිරීමට ද මීට පෙර නියමිතව තිබිණි.
හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment