රජයේ රෝහල් රැසක ස්කෑන් නවතී

238

රෝගී ජීවිත මරුකටේ
අසාදු බෙහෙත් රෝගීන්ට !

කොළඹ ඇතුළු රජයේ රෝහල්වල තිබෙන CT, PET, MRI Engiogram යන්ත්‍ර බොහොමයක් අක්‍රීය වී ඇති නිසා රෝගීන් දැඩි අසීරුතාවකට පත්වී ඇතැයි විකිරණ විiා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය.

රෝහල්වල පවතින සමස්ත CT ස්කෑන් යන්ත්‍ර 44 න් – 12 ක් MRI යන්ත්‍ර 13 න් – 2 ක්, Engiogram යන්ත්‍ර 14 න් – 2 ක්, Pet යන්ත්‍ර 04 න් 02 ක් අක්‍රීය වී ඇතැයි ද ඒ මහතා කීය.

රජයේ රෝහල් රැසක ස්කෑන් නවතී

මෙම යන්ත්‍ර අක්‍රීයවිම නිසා පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් කිලෝමිටර් සිය ගණන් ගෙවා වෙනත් රෝහල්වලට යැවීමට සිදුවීමත්, පෞද්ගලික අංශයෙන් මෙම පරීක්‍ෂණ සිදුකරනවා නම් විශාල මුදලක් වැය කිරීමට සිදුවීමත් නිසා රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

රට පුරා රෝහල් පත්ධතිය තුළ CT යන්ත්‍ර 44 ක් තිබුණ ද මේ වනවිට ජාතික රෝහලේ හදිසි අනතුරු හා ස්නායු ඒකකයේ යන්ත්‍රය, කුරුණෑගල, ත්‍රිකුණාමලය, රත්නපුර, බදුල්ල, ජාතික දන්ත රෝහල, කළුතර, හොරණ, මාතර, මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක, කරවනැල්ල (අර්ධ අක්‍රීයව පවතී) කරාපිටිය යන්ත්‍ර දෙකෙන් එකක්, හම්බන්තොට යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී ඇතැයි ද ධර්මවික්‍රම මහතා පැවසීය.

මෙම යන්ත්‍ර අක්‍රීයවීම නිසා බදුල්ලේ රෝගියකු නුවරඑළියට හෝ මොනරාගලට, කුරුණෑගල රෝගියකු මහනුවරට හෝ හලාවතට, ත්‍රිකුණාමල රෝගියකු පොළොනේනරුවට හෝ මඩකලපුවට කළුතර රෝගියකු කළුබෝවිලට, කරාපිටිය රෝගියකු හම්බන්තොට රෝහලට අවශ්‍යතාව මත යැවීමට සිදුවී ඇතැයිද ඔහු කීය.

CT යන්ත්‍ර මගින් හිසේ අභ්‍යන්තර රුධිර වහනයන්, ආඝාත, පෙනහළු රෝග, පිළිකා තත්ත්වයන්, රුධිරවාහිනීවල දෝෂ, අස්ථි බිඳීම්වල ද්විමාන සහ ත්‍රිමාන ඡායාරූප ගැනීම ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයක් හඳුනා ගත හැකි බව ද ඔහු කීහ. මෙම පරීක්‍ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට ගියහොත් රෝගී තත්ත්වය අනුව රුපියල් 10,000 සිට 75,000 ක් දක්වා මුදලක් වැය කිරීමට සිදුවන බව ද හෙතෙම කීය.

MRI යන්ත්‍ර 13 ක් තිබුණත් 2023 ජනවාරි 05 වැනිදා සිට අනුරාධපුර රෝහලේත්, වසර දෙකක පමණ සිට මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේත් යන්ත්‍ර දෙක අක්‍රිය වී ඇති බවද යන්ත්‍ර දෙක අක්‍රියවීම නිසා රෝගීන්ට දිගුකාලීන ඉදිරි දින ලබාදී ඇතැයිද ධර්මවික්‍රම මහතා පැවසීය.

MRI යන්ත්‍ර මගින් ස්නායු පද්ධතියේ රෝග (මොළයේ සහ සුෂුම්නාවේ) පිළිකා අස්ථි, සන්ධිවල පටක හානි තත්ත්වයන්, අග්න්‍යාසය, කිරීටක ධමනිවල මාංශ පේෂිවල රෝගී තත්ත්වයන් හඳුනාගත හැකි බව ද මෙම යන්ත්‍රයෙන් සිදුකරන පරීක්‍ෂණයක් පුද්ගලික අංශයෙන් සිදුකිරීමට ගියහොත් රුපියල් 20,000 ත් 75,000 ක් අතර මුදලක් වැයවන බවද ඔහු කීය.

හෘද කැතීටර් (Engiogram) යන්ත්‍ර 14 ක් පවතින අතර මහනුවර යන්ත්‍ර දෙකෙන් එකක් සහ කොළඹ යන්ත්‍ර තුනෙන් එකක් අක්‍රීයව පවතී. Engiogram පරීක්‍ෂණ මගින් හෘදයේ කිරීටක ධමනිවල අවහිරතා හඳුනා ගැනීම, ස්ටෙන්ස් සවිකිරීම, බයිපාස් සැත්කම් හඳුනා ගැනීම, හදවතේ සිදුරු තිබේදැයි හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර කිරීම වැනි දේ සිදුකර ගත හැකි අතර මෙවැනි පරීක්‍ෂණයක් රුපියල් ලක්ෂයකට පමණද ස්ටෙන්ස් වැනි කාර්යයකදී ලක්ෂ 10 ක් පමණ වැයවන බව ද හෙතෙම පැවසීය.

රජයේ රෝහල්වල Pet ස්කෑන් යන්ත්‍ර 02 ක් තිබෙන අතර ඉන් අපේක්ෂා රෝහලේ යන්ත්‍රය පසුගිය මැයි 26 සිට අක්‍රියවී ඇත. මෙම යන්ත්‍රයකින් පරීක්‍ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට ගියහොත් රුපියල් ලක්ෂ 03 ක් පමණ වැයවන අතර එවැනි යන්ත්‍රයක් පෞද්ගලික අංශ සතුවද ඇත්තේ එක් පෞද්ගලික රෝහලක පමණි.

මෙම යන්ත්‍ර මගින් පිළිකාවක වර්ධනය හඳුනා ගැනීම, ප්‍රතිකර්ම ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම, ප්‍රතිකාරවලින් පසු නැවත වර්ධනය වනවාද යන්න හඳුනා ගැනීම වැනි සේවාවන් රැසක් සැපයෙන බවත් අපේක්ෂා රෝහලේ යන්ත්‍රය අක්‍රියවීම නිසා දැනට මාස හයක පමණ සිට රෝගීන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රෝහල්වල පවතින ඖෂධ ප්‍රමාණ පිළිබඳ නිවැරැදි තොරතුරු දැන ගැනීමට තිබෙන සැපයුම් පරිගණක ජාල පද්ධතිය අකර්මණ්‍ය වී තිබෙන අතර සත්‍ය දත්ත සොයා ගැනීමට නොහැකිවී තිබේ.

රුපියල් කෝටි 70 ක් පමණ වැයකර ස්ථාපිත කරන ලද මෙම පරිගණක පද්ධතිය ඉතා ටික කලකින්ම අකර්මණ්‍ය වීම සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කරන ලෙස වෛi සංගම් රජයෙන් කිහිපවරක්ම ඉල්ලා තිබුණි.

රුපියල් කෝටි 07 ක් වටිනා පරිගණක පද්ධතිය ඉවත්කොට කෝටි 70 ක් වැයකොට ස්ථාපිත කළ පරිගණක පද්ධතිය අකර්මණ්‍ය වූයේ දූෂිත ගනුදෙනු නිසා දැයි සොයා බැලිය යුතුව ඇතැයි ද එම සංගම් රජයෙන් ඉල්ලා තිබුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සෞඛ්‍ය ආංශික අධීක්‍ෂණ කාරක සභාවට එක්වෙමින් ඖෂධ වර්ග ගෙන්වීමට පෙර එම ඖෂධවල සාම්පල් පරීක්‍ෂාවේදී ඒවා අසමත් වී ඇතත් එම ඖෂධ රටට ගෙන්වා ඇතැයි චෝදනා කළේය. ඖෂධ නියාමන අධිකාරියේ (NMR) නිලධාරීන් 23 ක් මාරු කර ඇති බවත් ඖෂධ පරීක්‍ෂණාගාරයේ 60 ක් සිටිය යුතු වුවත් ඉන්නේ 15 ක් පමණ බවත් පැවසූ විපක්ෂ නායකවරයා එයින්ද 06 ක් ඉවත් කර ඇතැයි කීවේය.

එමෙන්ම ඖෂධ ලියාපදිංචිය පමණක් නොව තත්ත්වය පාලනයේදී පවා බරපතළ ගැටලු මතුවී ඇතැයිද කීය. ඖෂධ මිල නියම කිරීමේ මණ්ඩලයේ සිටිය යුතු සංඛ්‍යාව නැති බවත් එම මණ්ඩලයේ තීරණය වෙනුවට ප්‍රධාන විධායක නිලධාරියා විසින් මිල තීරණය කරන බවත් ඔහු කීය.

ඖෂධ නියාමන අධිකාරිය රහස්‍යභාවයක් ඇතිව වැඩ කරන බවත් ඒ නිසා බරපතළ ගැටලු නිර්මාණය වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

මේ අතර දිනකට රෝගීන් 100 – 120 අතර සංඛ්‍යාවක් ස්කෑන් කළ අකර්මණ්‍ය තත්ත්වයට පත්වී ඇති සීටී ස්කෑන් යන්ත්‍රය :(Ct scan Machine) යථා තත්ත්වයට පත් කර දෙන ලෙස බදුල්ල රෝහලේ වෛiවරුන්ගේ ඉල්ලීම මත රෝහල් පාලනාධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවස්ථා ගණනාවක් කළ ඉල්ලීම් ඉටු නොවීම නිසා මොනරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික් රෝහල් වෙතින් එම කාර්ය සිදුකර ගනිමින් සිටින හෙයින් රෝගීන්ගේ ජීවිත අවදානම් තත්ත්වයට පත්වී ඇතැයි බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශ ප්‍රධානි රජයේ වෛiවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය කමිටු ලේකම් වෛi පාලිත රාජපක්ෂ මහතා 9 දා පැවසීය.

මූල්‍යමය ලෙස සීටී ස්කෑන් යන්ත්‍රයේ අකර්මණ්‍ය ටියුබයේ වටිනාකම රුපියල් මිලියන 4 ක් පමණ වෙනවා. නමුත් ඌව පළාත් රෝහලේ රෝගීන් සීටී ස්කෑන් කිරීම නුවරඑළිය මොනරාගල ආදී රෝහල් වෙත ප්‍රවාහනය කර නැවත ගෙන්වා ගැනීමට දෛනිකව රුපියල් ලක්ෂ 7 – 10 කට අධිකව වැය වෙනවා. මේ අනුව ගතවූ දින 35 කාලය තුළ මිලියන 35 ක් පමණ වැයකර තිබෙනවා. එමගින් ස්කෑන් යන්ත්‍රයට ටියුබ් 10 ක් ගැනීමට තිබුණා යැයි පැවසූ වෛi පාලිත රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

බදුල්ල ඌව පළාත් මහ රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රය සවි කළේ 2021 වසරේ ජුනි මාසයේදී. 2023 ජුනි මාසයේදී එහි ටියුබ් එක අකර්මණ්‍ය වුණා. සාමාන්‍යයෙන් සීටී ස්කෑන් යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ මිනිත්තු ලක්ෂ 5 ක් පමණයි. නමුත් එය මිනිත්තු ලක්ෂ 7 ක් වැය කරලා තිබෙනවා.

බදුල්ල ඌව පළාත් ශික්ෂණ මහ රෝහලේ දළ වශයෙන් දිනකට සීටී ස්කෑන් පරීක්‍ෂාවන් 120 කට වැඩියෙන් සිදු කරනවා.

දැනට සිදු කරන්නේ අත්‍යවශ්‍ය රෝගීන් පමණක් තෝරා ගෙන දිනකට 25 – 25 අතර සංඛ්‍යාවක් මොනරාගල මහ රෝහල වෙත ප්‍රවාහනය කර පරීක්‍ෂාවෙන් පසු නැවත ගෙන්වා ගැනීමයි. එම රෝහලේ සීටී ස්කෑන් පහසුව තිබුණත් ශල්‍යකර්ම පහසුකම් නැහැ.

නමුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් එලෙස ඈත රෝහලකට යැවීම අපහසුයි. මේ නිසා වෛiවරු සහ රෝගීන් යන දෙපාර්ශ්වයම බලවත් ලෙස අසරණවී සිටිනවා.

2023 වසර ගෙවුණු මාස හයක පමණ කාලය තුළ රෝහලට රෝගීන් 58000 ක් ඇතුළුවී ඇති අතර බාහිර රෝගී අංශයෙන් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා සිටිනවා. හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු වූ රෝගීන් සංඛ්‍යාව 15000ක් පමණ වෙනවා. මේ රෝග විනිශ්චය සඳහා සීටී ස්කෑන් යන්ත්‍රය අත්‍යවශ්‍යයි.

සී. ටී. ස්කෑන් යන්ත්‍රය රෝග විනිශ්චය සඳහා යොදා ගන්නා අධි තාක්ෂණික උපකරණයක්. එමගින් රෝගවලට ප්‍රතිකාර කරන්න සහ එම ප්‍රතිකාරවලට සාර්ථකත්වය නිශ්චය කර ගන්න. ශල්‍යකර්ම සැලසුම් කර ගන්න සහ ශල්‍යකර්මවල පසු තත්ත්වය දැන ගන්න යොදා ගන්නවා.

විශේෂයෙන්ම හදිසි අනතුරුවලදී මොළයට සහ සුෂුම්නාවට හානිවීම උදරයට රුධිර වහනය පරීක්‍ෂා කර ගන්න වැදගත් වන අතර මොළයේ සිදුවන රුධිර කැටි සිරවීම් සහ මොළයේ නහර පුපුරා යෑම ආදිය පරීක්‍ෂාවට මහෝපකාරී වෙනවා.

සීටී ස්කෑන් යන්ත්‍රය මගින් මොළයේ රුධිර කැටයක් හිරවීම නිශ්චය කර ගත් පසු එය දිය කිරීමට ලබාදෙන ඖෂධවලින් පසු නැවත ස්කෑන් මගින් පරීක්‍ෂා කරනවා. එමෙන්ම ස්කෑන් කර මොළයේ සිදුව ඇති නහරයක් පිපිරීම නිශ්චය කර පසු කරන ප්‍රතිකාරවලින් පසු රුධිර වහනය නතර වූ බව ස්කෑන් කර දැන ගන්නවා. අභ්‍යන්තරයේ ඇතිවන පිළිකා පරීක්‍ෂාව සඳහා සීටී ස්කෑන් යන්ත්‍රය අත්‍යවශ්‍යයි. මෙවැනි උපකරණයක් නොමැතිව පළාත් මහ රෝහලක් පවත්වාගෙන යෑම ඉතාමත් අසීරුයි.

පසුගිය කාලයේ අම්පාර දිසා රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයක් අකර්මණ්‍ය වී තිබුණ හෙයින් එහි රෝගීනුත් මොනරාගල රෝහලට ගෙන ආවා.

වෛiවරුන්ගේ වෘත්තීය ආරක්ෂාව සහ රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස නිසි පූර්ව රෝග විනිශ්චයක් අවශ්‍යයි.

චමින්ද සිල්වා, ශිරාන් රණසිංහ, එච්. එම්. සමරකෝන් බණ්ඩා – බදුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment