බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් වැඩි වෙලා

74

බස්නාහිර පළාතින් ලාදුරු රෝගීන්ගේ ව්‍යාප්තියක් වාර්තා වන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය සඳහන් කළාය.

පසුගිය කාලසීමාවේදී මෙරටින් ලාදුරු රෝගීන් 1550 දෙනකු වාර්තාවී ඇති අතර ඉන් රෝගීන් 599 දෙනකු (40% ක්) බස්නාහිර පළාතින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 315ක්, ගම්පහින් 168ක් සහ කළුතරින් 116ක් වශයෙන් ලාදුරු රෝගීන් වාර්තාවී ඇති බවත් රටේ වාර්තාවී ඇති ළමා ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව 173ක් වන බවත් ඉන් 69 දෙනකු ද බස්නාහිර පළාතින් වාර්තාවී ඇති බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment