න්‍යෂ්ටික අවි හරණයට එරෙහිවීම ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සම්මානයක්

104

න්‍යෂ්ඨික අවි හරණයට එරෙහි ලෝක ප්‍රඥප්තිවලට වසර 03ක් සපිරීම හා ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබීම හා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ පෙනී සිටිමින් කළ කාර්යභාරය අගයමින් ඇමෙරිකාවේ සී.පී.එස්.ආර්. ආයතනය ශ්‍රී ලංකාවට සම්මාන සහතිකයක් පිරිනැමුවේය.

රට වෙනුවෙන් එය භාරගැනීමේ වගකීම ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට පැවරුණු අතර ඒ මහතා වෙනුවෙන් එම සහතිකය තානාපති අංශ ඉහළ නිලධාරීන් වන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඹගොල්ල මහතා හා උපදේශක නිලධාරිනී චතුරි පෙරේරා මහත්මිය විසින් භාර ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment