පොහොට්ටුවේ ප්‍රා සභා මන්ත්‍රීවරයෙක් පාසල් සිසුවෙක්ට පහරදීලා

84


පාසල් සිසුවෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පහරකෑමට ලක්වූ පාසල් සිසුවාගේ මව චෝදනා කරන්නේ මෙම පහරදීම නිසා තම පුත්‍රයා දින පහක් තිස්සේ රෝහල්ගතකර සිටිමුත් සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

පසුගිය 11 වැනිදා පාසල නිමවී සිය නිවස වෙත යමින් සිටියදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා බාඳුරාගොඩ නගරයේදී සිසුවාට පහරදී ඇත.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකි.

පොලීසිය පවසන්නේ පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment