මොනරාගල මහ රෝහල කොවිඞ් රෝගීන්ගෙන් පිරේ… මිනුවන්ගොඩ සිව් දෙනෙක් නිවෙස් තුළම මරුට….

266

මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ඊයේ (24දා* වන විට කොවිඞ් 19 රෝගීන් 96 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටි බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහලේ කොවිඞ් 19 රෝගී

 වාට්ටුවේ ඇඳන් තිබෙන්නේ තිහක් පමණි. මෙම තත්ත්වය මත රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙන අතර බොහෝ රෝගීන්ට ඇඳන් යට සිටීමට සිදුවී ඇත.

 මොනරාගල යොවුන් සේනාංක මධ්‍යස්ථානයට මීට මාස තුනකට පමණ ඉහතදී ඇඳන් සියයක් ගෙනැවිත් කොවිඞ් 19 ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇතත් තවමත් අදාළ සේවාවන් ආරම්භ කර නැත. හැකි ඉක්මනින් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කරන ලෙස ප‍්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. මේ පිළිබඳව මොනරාගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම. කුමාරසිරි රත්නායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ, යොවුන් සේනාංකයේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට නිලධාරීන් දැනුවත්කර ඇතත් මෙතෙක් එය සිදුවී නොමැති බවයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

————————————–———————–

මිනුවන්ගොඩ පොලිස් වසමේ ප‍්‍රදේශ හතරක පුද්ගලයින් සිව් දෙනෙකු පෙරේදා (23දා*රාත‍්‍රියේ නිවෙස් තුළම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය ඊයේ (24දා* පැවසීය. පන්සිල්ගොඩ, කටුවැල්ලේගම සහ ආරංගාව යන ප‍්‍රදේශ 03 තුළ

දී පිරිමි පුද්ගලයන් තිදෙනකුද ඕපාත ප‍්‍රදේශයේදී කාන්තාවක්ද මෙසේ නිවෙස් තුළම මියගොස් තිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම මළ සිරුරු 4 වතුපිටිවල රෝහල වෙත රැුගෙන ගිය බවත් මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියෙකු වැඩිදුරටත් පැවසීය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment