කැලණිය විශ්වවිද්‍යාල කැන්ටිමේ කෑම ගිනි ගණන් – මහා ශිෂ්‍ය සංගමය කියයි

343

කැලණිය විශ්වවිද්‍යාලයේ ආපනශාලාවල ආහාරවල මිල ඉතා අධික බවත්, මෙය විශ්වවිද්‍යාල සිසු – සිසුවියන්ට දරාගත නොහැකි බවත් එම විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරි සුමේධ හිමිපාණෝ ‘දිවයින’ට ඊයේ (15 වැනිදා) පැවසූහ.

මේ ගැන විශ්වවිද්‍යාල සිසුන් එම විශ්වවිද්‍යාලයීය පරිපාලනයට ද දැනුම් දී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

එසේම, මහපොළ ශිෂ්‍යාධාර පවා මාස කීපයකට සිට දරුවන්ට ලබාදී නැතැයි ද උන්වහන්සේ කීහ.

“රුපියල් 5000ක ශිෂ්‍යාධාරය වසර කීපයක සිට වැඩි කර නැති හෙයින් මේ ගැන ද බලධාරීන්හට දැනුවත් කළා. නමුත් මෙතෙක් එම ශිෂ්‍යාධාරය ද වැඩි කර නැහැ” යැයි උන්වහන්සේ සඳහන් කළහ.

ආපනශාලාවල ආහාර මිල අඩු කිරීම රුපියල් 5000ක මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම වැනි ගැටලුවලට වහා විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද උන්වහන්සේ කියා සිටියහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment