අනියම් සැමියා මරා දැමූ පුද්ගලයා පෝරකයට

379

වවුනියාව මහ රෝහල ඉදිරිපිටදී මීට වසර අටකට ඉහතදී පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කළ විත්තිකරුට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් මහතා විසින් ඉකුත් 14 දා මරණ දඬුවම නියම කළේය.

ඝාතනයට ලක් වූ එස්. සෙල්වම් නමැති අය 2015 ජූලි මස 23 වෙනිදා මුලතිව් ගොස් එහි සිට බෝට්ටුවකින් ඉන්දියාවට යෑමේ සූදානමින් වවුනියාව මහ රෝහල ඉදිරිපිට බස් නැවතුමේ සිටියදී විත්තිකරු එම ස්ථානයට පැමිණ පොල්ලකින් පහර දී ඔහුව ඝාතනය කොට තිබුණි. විත්තිකරුගේ බිරිඳ සමග අනියම් සබඳකමක් පවත්වා ගෙන යන්නේ යැයි චෝදනා කරමින් මේ ඝාතනය සිදුකොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන වවුනියාව දිස්ත්‍රික් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වසරක කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලබා සිටියේය. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම නඩුව වවුනියාව මහාධිකරණය වෙත මාරුකොට වසර තුනක නඩු විභාගයකින් පසුව ඔහුට මරණ දඬුවම හිමි වී තිබේ.

විත්තිකරු විසින් පොල්ලකින් පහර දී පුද්ගල ඝාතනයක් සිදුකළ බවට ඉදිරිපත් වූ සාක්කි මත චෝදනාව පැහැදිලිවම ඔප්පුවීම නිසා රජයේ නීතිඥ දර්ශිකා තිරුකුමාරනාදන් මහත්මිය විත්තිකරුට මරණීය දණ්ඩනය ලබා දිය යුතු බවට මහාධිකරණයට යෝජනා කොට තිබුණි. සියලුම කරුණු සැලකිල්ලට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරණු ලැබීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment