අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රුවල් යාත්‍රා කුසලාන නාවික හමුදාවට

67

නාවික හමුදාව විසින් තුන්වන වරටත් සංවිධානය කරනු ලැබූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රුවල් යාත්‍රා තරගාවලිය ජයග්‍රහණය කරමින් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිනා ගන්නා ලදි.

පසුගියදා ගාලු මුවදොරදී එම තරගාවලිය පැවැති අතර ක්‍රීඩා සංගම් 10 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 ක් පමණ තරග ඉසව් 07ක් යටතේ ඒ සඳහා තරග වැදුණහ.

ප්‍රථම වතාවට යාපනය රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහභාගි වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment