පස් හැවිරිදි දරුවා කොඩිගහවැවට බිලි

33

තිස්සමහරාම ජූල්පල්ලම කොඩිගහවැවට වැටී දියේ ගිලී පස් හැවිරිදි පිරිමි දරුවෙකු පෙරේදා (14 දින) මියගොස් ඇති බව තිස්සමහරාම පොලිසිය පැවසීය. මෙසේ මියගොස් ඇත්තේ කොඩිගහවැව ආසන්නයේ පදිංචිව සිටි පල්ලියමුල්ල කපුගමගේ ෂකිල් ගෙහන්ස යන දරුවායි.

මියගිය දරුවා විශේෂ අවශ්‍යතා ඇති අයකු බවත්, තම මව වන අසලි නිරාශනී කවිරත්න යන අය සමග නිවසේ සිටියදී නිවස අසල පිහිටි කොඩිගහවැවට ගොස් සවස 4.30ට පමණ මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දරුවාගේ සිරුර වැවේ පාවෙනවා දුටු අසල්වාසීන් කිහිපදෙනකු විසින් එම දරුවා ගොඩට ගෙන තිස්සමහරාම මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දරුවා

මියගොස් ඇති බව අනාවරණය වී ඇත. මියගිය දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා විසින් පැවැත්වීමෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත එම දරුවාගේ මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment