රත්නපුරෙන් ආගිය අතක් නැති දරුවා සිරීපාදෙත් ගිහින්… යහළුවකු හමුවීමට යන බව මළුවේ මුරකරුටත් කියලා

379

රත්නපුර ප‍්‍රදේශයෙන් අතුරුදන් වූ 14 හැවිරිදි දරුවා ශී‍්‍රපාද ප‍්‍රදේශයට පැමිණ ඇති බව හෙළි වීමත් සමග පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව රත්නපුර මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල මහතා ‘දිවයින’ ට ඊයේ (30 වැනිදා* පැවසීය.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ රත්නපුර, බටුහේන පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නමැති රත්නපුර ඇලෝසියස් විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාය.

ඔහු මඩකලපුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකුගේ පුත‍්‍රයකු බව හෙළිවිණැයි ඕලූගල මහතා කියා සිටියේය.

මෙම දරුවා පසුගිය 26 වැනිදා රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ දහවල් කාලයේදී ශී‍්‍රපාදය තරණය කර ඇති අතර දහවල් 1.00 ට පමණ ඔහු මළුවට පැමිණ ඇති බව හෙළිවී තිබේ.

ශී‍්‍රපාද මළුවේ මුරකරු මෙම දරුවාගේ අසාමාන්‍ය හැසිරීම ගැන සැකකර ඔහුගෙන් ප‍්‍රශ්න කළ විට තමන් නිවසට නොදන්වා ශී‍්‍රපාදය තරණය කිරීමට පැමිණි බව පවසා ඇත.

මේ දිනවල ශී‍්‍රපාද සිද්ධස්ථානය වසා තිබෙන බැවින් ඒ තුළට

ගොස් වන්දනා කිරීමේ අවස්ථාවක් ලබාදිය නොහැකි බව ශී‍්‍රපාදස්ථානයේ මුරකරු විසින් දරුවාට පවසා තිබේ.

මෙහිදී මුරකරු විසින් දරුවාගේ ආගිය විස්තර විමසන අවස්ථාවේ දරුවා මහරගම සිටින මිතුරකු මුණගැසීම සඳහා යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව කියා ඇත.

ඉන්පසු දරුවා හැටන් – නල්ලතන්නි මාර්ගය ඔස්සේ පහළට බැස තිබේ. සවස 5.00 වනවිට දරුවා නල්ලතන්නියට පැමිණ ඇති අතර ඉන්පසු ඔහු අතුරුදන් වී තිබේ.

මෙම දරුවා පසුගිය දිනවල ලංකාවේ මාර්ග සිතියමක් මිලදී ගැනීමට අවශ්‍ය බව නිවසට දන්වා ඇතැයි හෙළිවී තිබේ.

ඒ අනුව මෙම දරුවා යම්කිසි සැලැස්මකට අනුව නිවසින් පිටත්ව මාර්ග සිතියම භාවිත කරමින් ඔහුගේ මිතුරා මුණගැසීමට ගියේ දැයි සැකකරන බවද පොලිසිය කියයි.

එමෙන්ම දරුවා සන්තකයේ ඇති ජංගම දුරකතනයේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් අදාළ දුරකතන සමාගම සමග නිරන්තර අවධානයෙන් සිටින බවද පොලිසිය සඳහන් කළේය.

අදාළ සිසුවා රැුගෙන ගොස් ඇති සිය වැඩිමල් සොහොයුරාගේ ජංගම දුරකථනයේ පෙර පැවැති සිම් කාඞ්පතද ඔහු විසින් ඉවත් කර ඇති අතර දුරකතනයට අනන්‍ය වූ කේත අංකයද පවුලේ සාමාජිකයන්ට මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැත.

ඒ හේතුවෙන් අතුරුදන් වූ සිසුවා භාවිතා කරන ජංගම දුරකතනයේ සංඥා වාර්තා ලබා ගැනීමට ගැටලූ මතු වී තිබේ.

අදාළ සිසුවා පසුගිය 24 වැනි සෙනසුරාදා රාති‍්‍රයේ සිය වැඩිමහල් සොහොයුරා සමග නින්දට ගොස් ඇති අතර පසුව තම ඇඳුම් බෑගය, සිය සොහොයුරාගේ ජංගම දුරකථනය හා රුපියල් 20,000 ක මුදලක් ද රැුගෙන නිවසින් පිටත්ව ගොස් තිබිණි.

අදාළ ප‍්‍රදේශයේ සිදුකළ සී.සී.ටී.වී. දත්ත පරීක්ෂා කිරීම්වලදී අදාළ සිසුවා අලූයම් කාලයේ තනිවම මාර්ගයේ ගමන් කිරීම සටහන් වී ඇත.

මෙම දරුවා ගැන යම්කිසි තොරතුරක් ඇත්නම් ඒ ගැන 0718-591385, 045-2222222 යන දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි රත්නපුර මූලස්ථාන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

දරුවාගේ අතුරුදන්වීම ගැන විස්තර කළ මෑණියන් මෙසේ පැවසුවාය.

‘‘මගේ දරුවා අනවශ්‍ය හේතු-වකට ගෙදරින් එළියට යන්නේ නෑ. ඒ වගේම දරුවාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. මේ විදියට රෑ ගෙදරින් පිටවෙලා යන්න හේතුව අපිට තවම හිතා ගන්න බෑ. අපි දරුවාව හොයන්න පුළුවන් හැම තැනකම හෙව්වා. නොපෙනෙන බලවේගයක් අපේ දරුවා අරන් ගිහින් කියලා අපිට හිතෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට පැමිණිලි කරලා තියෙන්නේ. අපේ දරුවාව දැක්කොත් ඒ ගැන අපට දැනුම් දෙන්න’’ ලෙස දරුවාගේ මව ඉල්ලා සිටී.

මේ ගැන රත්නපුර මූලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මිණිපුර මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment