ඒ.එස්.පීට එකට එක කී කොස්තාපල්ගේ වැඩ තහනම්

794

ත්‍රිකුණාමල නිලාවෙලි පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් පෙරේදා (17) උදෑසන පැවැති පෙරෙට්ටුවේ දී සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න බස්නායක මහතා සමග එකට එක කී පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතා මෙසේ කීවේය. මෙම පොලිස් පෙරෙට්ටුවේ දී වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ නිල ඇඳුමේ මෙන්ම සපත්තුවල අඩුපාඩු රැසක් පෙනෙන්නට තිබූ නිසා ඒ පිළිබඳව ඔහුට පෙන්වා දුන්නා. එහිදී උරන වූ කොස්තාපල්වරයා ප්‍රසිද්ධියේම ඊට එරෙහිව පිළිතුරු දුන්නා.

මට පුළුවන් විදිහට තමයි පෙරට්ටුවට ආවේ යැයි’ ඔහු කිසිදු ගරුසරුවක් නොමැතිව හැසිරී ක්‍රියා කිරීම නිසා වැඩ තහනම් කළා.

නෝමන් පලිහවඩන සහ ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment