වළස්වැව දුම්රිය හරස්මගේ මරුවා සීරුවෙන් – සැලුන් දෙවියාගේ පිහිටෙන් ජීවිත රැසක් බේරිලා

187

කොළඹ – අනුරාධපුරය ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා මහව අධ්‍යාපන කලාපයට අයත් වලස්වැව ජනප්‍රිය ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන ගුණපාල මළලසේකර විද්‍යාලයට ගමන් ගන්නා මාර්ගයේ, දුම්රිය හරස්

මාර්ගය භාර මුරකරු කලක සිට සේවයේ නොසිටීමෙන් පාසැල් සිසු සිසුවියන්ගේ පමණක් නොව මගී ජනතාවගේ සහ ධාවනය වන රථවාහනවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ගිලිහී තිබෙන බව සිසුන්ගේ දෙමාපියන් පැවසූහ.

වලස්වැව පිහිටි මෙම දුම්රිය හරස් මාර්ගයේ මුරකරුගේ සේවය අහිමිවීම නිසා දුම්රියක් පැමීණෙන මොහොතේ යාබද ස්ථානයේ පිහිටි “සැළුන්” ආයතනයක හිමිකරු ස්වෙච්ඡාවෙන්ම පැමිණ මාර්ගය මැද හිටගෙන දෙපසින් පැමිණෙන්නන් නතර කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බවත්, දුම්රිය හරස් මාර්ගය ආවරණය කරන “මුරපොල්ල” තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට තමන්ට අවසර නැතිබව හෙතෙම පැවසීය.

අදාළ බල ප්‍රදේශයේ පොලිසිය මගින් දීර්ඝ කාලයක් පුරා දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු මුරකරුවන් පත්කිරීම සහ වැටුප් ගෙවීම සිදු කරන අතර මෙම අනාරක්ෂිත “වලස්වැව දුම්රිය හරස් පාරට නැවත මුරකරුගේ සේවය සපයාදෙන ලෙස දෙමාපියන් අදාළ වගකිවයුත්තන්ට ලිඛිතව දැණුවත් කලත් ඔවුන් අන්ධයන් බිහිරන් සේ සිටින බව දෙමාපියෝ දැඩි කණගාටුවෙන් පැවසීය. මෙම අනාරක්ෂිත දුම්රිය හරස් පාර දෙපසින්ම වංගුවක් තිබීම අනාරක්ෂිත බව තව තවත් වර්ධනය කරවන්නකි. මෙම අවදානම ජීවිත හානියකින් පසු සම්පූර්ණ කිරීමට නොසිට ඉතා කඩිනමින් සුදුසු පියවරක් ගන්නා ලෙස දෙමාපියන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment