මාර්ග සංවර්ධන අධිකාරියට පඬු කරඳ පැළ 25 ක් දුන්නා

418

ගම්පහ උද්භිත උද්‍යානයේ අධ්‍යක්‍ෂ කියයි

කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ පැළ 25 ක් සිටුවීම සඳහා ඊයේ (12 දා) මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදුන් බව ගම්පහ උද්භිත උද්‍යානයේ අධ්‍යක්‍ෂ රුවිනි ගෝමස් මහත්මිය පැවසුවාය.

උද්භිත උද්‍යානය තුළ පැළ තවානේ තවත් එවැනි පැළ 20 ක් පමණ පවතින බවත් ගෝමස් මහත්මිය පැවසුවාය. මේ වනවිට උද්‍යානය තුළ එවැනි විශාල ගස් තුනක් ද පවතින නිසා එවායෙහි බීජ වලින් තවත් පැළ ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඇය කීවාය.

මෙම ශාකය වඳවී යන ශාකයක් ලෙස රතු දත්ත පොතට ඇතුළත්ව තිබුණත් මෙවැනි ශාක ගම්පහ කොරොස්ස, උඩුගම්පොළ, මගලෙගොඩ, කදිරාන, දාගොන්න යන ප්‍රදේශවලදී තමන් නිරීක්‍ෂණය කළ බවත්, තමාටත් වඩා වැඩි ගස් ප්‍රමාණයක් පෙරාදෙණිය උද්භිත උද්‍යානයේ අධ්‍යක්‍ෂවරිය නිරීක්‍ෂණය කර ඇති බව දැනුවත් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment