අපේ ක්‍රිකට් දැන් කැරම් වෙලා – රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ

60

දැන් ලංකාවේ තිබෙන්නේ ක්‍රිකට් නොවෙයි. අපේ ක්‍රිකට් දැන් කැරම් වෙලා. යනවා, ගහනවා අවුට් වෙනවා එනවා විතරයි. අපි ක්‍රිකට් කැරම් නොකර ක්‍රිකට්, ක්‍රිකට් වගේ ගහන්න නම් හැමෝම මහන්සි වෙන්න ඕනෑ යයි රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පල කළේ “නව ආරම්භයකට හොඳම තැන මුල් ළමාවිය”‍ යන තේමාව පෙරදැරි කරගෙන පෙර පාසල් ගුරු වෘත්තීකයින්ගේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය සහ සහතික ප්‍රධානෝත්සවය 04 වන දින කඩුවෙල මහ නගර සභා ශාලාවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය, අපේ පුරුද්දක් තමයි පැරදෙන කොට ගහනවා ඇති වෙන්න. දිනන කොට මල් මාලා දලා එයාර් පෝට් එකේ ඉදන් ඇදන් ඇවිල්ලා ක්‍රිකට් කාරයෙක්ව ඉඹින්න පොර කනවා කට්ටිය. පැරදෙන කොට ක්‍රිකට් ගහන්න බැහැ. සංචාරවලට ගිහිල්ලා වෙන වෙන ඒවා කර කර ඉඳලා එනවා. හරියට ක්‍රිකට් ගහන්නේ නැහැ. හොඳට සෙල්ලම් කරද්දි ආදරේ කරන්නයි, පස්සේ ඔවුන්ට අපහාස කරන එකයි වැරදිනේ. අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට්වලට ඉතා ඉක්මනින් සතුටුදායක තත්වයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කණ්ඩායම ශක්තිමත් කරලා ඉදිරි තරඟයේදී ජයග්‍රහණය කරන්නට හේතු වාසනා වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

මෙම අවස්ථාව සඳහා මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර බණ්ඩාර මහතා, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන සමන් කුමාර සහ ග්‍රේෂන් අල්විස්, අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ , පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත්, කොළඹ දිස්ත්‍රික් නායිකා ප්‍රියංගා ද තිසේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment