කොළඹ වරාය හරිත වරායක් කිරීමට චීනයේ ටියැංජිං වරායේ සහය

34

බහලු‍ මෙහෙයුම් වරායක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය හරිත වරායක් ලෙස පරිවර්තනය කිරීමට චීනයේ ටියැංජිං වරායේ සහය ලබා දීමට කැමැත්ත පල කර ඇත.

ලෝකයේ 9 වන වරාය ලෙස ශ්‍රේණිගත වන ටියැංජිං වරායෙහි සභාපති චූ ජිං මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ඉකුත් 29 දා වරාය හා නාවික අමාත්‍යංශයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාවේදී ඔවුහු මෙම අදහස් පල කළහ. ලෝකයේ දැනට ක්‍රියාත්මක වන විශාල වරායන් තුළ කාබන්ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්‍රියාවලිය හෙවත් හරිත වරායන් බවට පත් කිරීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටී.

ලෝකයේ කාර්මීකරණයෙන් හා වරාය මෙහෙයුම් වලින් ඉහලම ස්ථානයක සිටින ලොව ඉතා ප්‍රමුඛ කාර්යබහුල වරායන් හිමි චීනය සිය “හරිත වරාය සංකල්පය ” ක්‍රියාත්මක කිරීමේදී ලබාගත් එම අත්දැකීම් සහෝදර වරායන් වෙත ලබාදීමේ පියවරක් ලෙස චීනයේ ටියැංජිං වරායේ සහය මෙලෙස කොළඹ වරාය වෙත ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රශංසාවට ලක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment