එජාප රැලියට ඉන්දීය ගායක ගායිකාවෝත්

50

එජාපය විසින් පවත්වනු ලබන මැයි රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30 දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

විජේ බාලක්‍රිෂ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි ගායන ශිල්පීහු පිරිස වූහ.

මෙම පිරිස ඊයේ (30 දා) පෙරවරු 11.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් මෙම පිරිස පිළිගනු ලැබූහ.

මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.

අද (01 දා) තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment