මෙවර කැලණි දුරුතු මහා පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර ඇරැඹීමට පෙර…

102

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර ඊයේ (24දා) රාත්‍රි සැදැහැවතුන් දස දහස් සංඛ්‍යාත පිරිසකගේ ආශිර්වාද මධ්‍යයේ වීථි සංචාරය කළේය.

මෙවර කැලණි දුරුතු මහා පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර ඇරැඹීමට පෙර…

අලංකාර සංස්කෘතික සංදර්ශනයන් රැසකින් වර්ණවත් වූ අවසන් මහ පෙරහැර ඇරඹීම සඳහා කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා කරඬුව වැඩම කර වූ අයුරු සහ මංගල හස්තිරාජයා මත විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු මෙහි දැක්වේ. කැලණිය රජමහා විහාරාධිපති, මහාචාර්ය අග්ගමහා පණ්ඩිත, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කළහ.

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment