පරීක්‍ෂණ නොවේ ගුවන්තොටේ එවැනි සිද්ධි යළි වීමට ඉඩ දෙනු එපා – අජාන් බ්‍රහ්මවංශ හිමියෝ පවසති

462

ප්‍රභූවරයකු නිසා තමාට කටුනායක ගුවන්තොටුපළේ පැය 12 ක් රැඳීසිටීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පරීක්‍ෂණයක් පැවැත්වීමට උපදෙස්දීම නොව මින් ඉදිරියට රටේ එවැනි දෙයක් සිදුනොවීමට වගබලාගත යුතු බව ලෝක ප්‍රකට ථෙරවාදී හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංශ හිමියෝ ප්‍රකාශ කරති.

ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර පිහිටි සිය ආශ්‍රමයේ පැවැති දේශනයකදී උන්වහන්සේ තමාට ශ්‍රී ලංකාවේ මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කර ඇත.

තමා ශ්‍රී ලංකාවට පැමිණියේ භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා රැසකට සහභාගීවීමට බවත් තමන් පැවැත්වූ එක් දේශනයකට 7000 ක පමණ පිරිසක් සහභාගී වූ බවත් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම වෙනුවට මෙලෙස සිදුවන අත්වැරදීම් මගහැරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් අත්වැරදීම්වලට ඉඩදෙන තරමට ඔවුන් අතින් යළි වැරදි සිදුවීම අඩුවනු ඇති බවත් උන්වහන්සේ එහිදී පවසා තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment