තරුණ සහභාගිත්වය දිරිගන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

71

තෙවැනි චාල්ස් රජුගේ සහභාගිත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි

තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා ලන්ඩන් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී අවධාරණය කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගිත්වයෙන් පෙරේදා ලන්ඩන් නුවර දී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටුකළ යුතු බවයි. ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක හමුවට සමගාමීව පැවති ත්‍සරුිසාැ ක්‍ය්එ වැඩසටහන සඳහා ද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූවාය. ත්‍සරුිසාැ ක්‍ය්එ වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අදාළ විවිධ කරුණු සාකච්ඡා කෙරෙන වේදිකාවකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඝානා ජනරජයේ ජනාධිපති නානා අකුෆෝ ඇඩ්ඩෝ :භ්බ් ්ාාච ෘ්බනඅ් ්නමදෙ – ්ාාද* මහතා අතර හමුවක් ද (05 දා) සිදු වූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී නායකයන් සාකච්ඡා කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ :ඡ්මක ණ්ට්පැ*මහතා ද ඊයේ හමු වී සාකච්ඡා පැවැත්වීය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ දිනූක් කොළඹගේ යන මහත්ම මහත්මීහු ද මෙම හමුවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment