වසර අගදී ආර්ථිකය ධන වෙයි – මහ බැංකුව කියයි

227

මේ වසරේ (2023) අග භාගයේදී ආර්ථිකයේ සෑම ප්‍රධාන අංශයකම පුළුල් වර්ධනයක උපකාරීත්වයෙන් ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්වයන් තවදුරටත් සාමාන්‍යකරණය වීම, ව්‍යාපාරයන්හි සහ ආයෝජකයන්ගේ අපේක්‍ෂාවන් වැඩිදියුණු වීම, ආනයන සීමා ලිහිල් කිරීම, සැපයුම් තත්ත්වය වැඩිදියුණු වීම සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල බලපෑම යනාදී සාධක ඉදිරි කාලයේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වනු ඇතැයි ද මහ බැංකුව අපේක්‍ෂා කරයි.

විදේශීය ඉල්ලුම් තත්ත්වයන් හි පසුබෑම, මෑතකාලීනව අපේක්‍ෂිත ආර්ථික වර්ධනයට බලපෑම් ඇති කළ හැකි බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment