වරාදල මාරක අනතුරින් බස් රියැදුරු මරුට

147

බස් මගීන් 15කටත් තුවාල

මීරිගම – මීගමුව මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථයක් ඊයේ (06 දා) පෙරවරුවේ කොටදෙණියාව පොලිස් වසමේ වරාදල ප්‍රදේශයේ දී වැලි පැටවූ ටිපරයක මුහුණ මුහුණ ගැටී රියැදුරකු මරණයට පත්ව ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ රියැදුරාය. මෙම අනතුර නිසා බස් රථයේ ගමන් ගත් තවත් 15 ක පමණ පිරිසක් සුළු තුවාල ලබා ඇතැයිද පොලිසිය සඳහන් කරයි. බස් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම් වී තිබිණි. මියගිය රියැදුරාගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබිණ.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment