තරුණයාගේ ලන්ඩන් පිම්මට මුහුදු රකුසා එරෙහි වෙලා

147

ප්‍රංශයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයක් ඔස්සේ ලන්ඩනයට යමින් සිටි යාපනයේ චාවාකච්චේරී, කච්චායී ප්‍රදේශයේ තරුණයකු 5 දා දියේ ගිලී මියගොස් තිබේ.

ෂන්මුගරාසා ඩයිනස් නමැති 33 හැවිරිදි මොහු තවත් පිරිසක් සමග මුහුදු මාර්ගයක් ඔස්සේ ලන්ඩනයට යමින් සිටියදී යාත්‍රාව කුණාටුවකට හසු වී පෙරළීමෙන් මහමුහුදට වැටී තිබේ.

බෝට්ටුවේ සිටි පිරිස ඔහුව ගොඩ ගෙන ඇතත් ඔහු පසුව බෝට්ටුව තුළම මියගොස් තිබේ. මේ දිනවල ප්‍රංශයේ සිට ලන්ඩනය බලා තරුණයන් විශාල වශයෙන් බෝට්ටුවලින් සංක්‍රමණය වන අතර ඔහුද මිතුරන් පිරිසක් සමග ප්‍රංශයේ සිට ලන්ඩනයට සංක්‍රමණය වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ. ඔහු මියගිය බව ප්‍රංශයේ සංචාරක සමාගමක් විසින් යාපනයේ සිටින ඔහුගේ ඥාතීන් වෙත දැනුම් දී ඇතත් මරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කිසිවක් මෙතෙක් ලැබී නැත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment