ලෝක කුසලානයට යන්න ක්‍රීඩකයෝ පාට තුනකට බෙදෙති

565

තරගාවලිය අද සිට 11 වැනිදා දක්වා

පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්වන පුහුණු තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) සිට ලබන 11 වැනිදා දක්වා පැවැත්වේ.

ක්‍රීඩකයින් 52 ක් එම තරගාවලියට එක්වන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 14 ක් නම් කර ඇත. කොළ, කහ සහ රතු ලෙස කණ්ඩායම් 03කට බෙදී එම ක්‍රීඩකයෝ මෙම පුහුණු තරගාවලිය සඳහා එක් වෙති.

ඒ අනුව රතු කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක පත්කර තිබෙන අතර කහ කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට හිමි වී ඇත.

ජනිත් ලියනගේ, කොළ කණ්ඩායම සඳහා නායකත්වය සපයනු ඇත. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් කහ කණ්ඩායම සහ චරිත් අසලංකගේ නායකත්වයෙන් රතු කණ්ඩායම අද තරඟ වැදීමට නියමිතය. ප.ව.7.00 ට තරඟය ආරම්භ වේ.

රතු කණ්ඩායම

  • චරිත් අසලංක (නායක), නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අහන් වික්‍රමසිංහ, දසුන් ශානක, ළහිරු සමරකෝන්, බිනුර ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චමත් ගෝමස්, ප්‍රමෝද් මධුෂාන්, නිමේෂ් විමුක්ති, ලසිත් කෲස්පුල්ලේ

කොළ කණ්ඩායම

  • ජනිත් ලියනගේ (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, තරිඳු රත්නායක, ලක්ෂාන් සඳකැන්, ඉෂිත විජේසුන්දර, ගරුක සංකේත්, ශෙවෝන් ඩැනියෙල්, කසුන් රාජිත

කහ කණ්ඩායම

  • වනිඳු හසරංග (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු මධුසංක, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුසංක, ළහිරු කුමාර, දිනුර කළුපහන

    කුෂාන් සුබසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment