මිෂෙල් යළි දුෂී ලෙස අපි දෙන්නා වෙනස්…

1727

මිෂෙල් මේ දිනවල අපට අලූත්ම චරිතයකින් දකින්න ලැබෙනවා. එ් දුෂී ලෙසින්. ඇත්තටම මිෂෙල් දුෂීට කොටුවෙලාද?. එහෙමත් නැතිනම් අලූත් ආරාධනා මොනවාද?. එ ගැන දැනගන්න අපි මිෂෙල්ට කතා කළා.

 * මිෂෙල් මේ දවස්වල කැපී පෙනෙන චරිතයක් වෙලා නේද?

 
පොදු ිැ්ිදබ 2 හි දුෂීගේ චරිතයට මට ආරාධනාවක් ලැබුණා. ඒක මම මෙතෙක් කරපු චරිත වලින් පොඞ්ඩක් වෙනස් චරිතයක්. මම මෙච්චර කාලෙකට විවිධ පරාසයන් ඔස්සේ චරිත ර`ගපාලා තිබුණා. මේකේ ජය්ර්ජඑැර ඩ්රස්එසදබි හතරකට විතර කැඩෙනවා. එකම නාට්‍යයක් ඇතුලේ ඩ්රස්එසදබි හතරකට මගේ චරිතය කඩලා ර`ගපාන්න ලැබෙනවා. එ් කියන්නේ මට හො`දට චක්හ කරන්න පුළුවන් චරිතයක් කියන එකයි. මෙච්චර කලෙකට මං කරපු චරිතවලට වඩා ආවේගශීලී චරිතයක්. එතකොට මෙච්චර කාලෙකට මට පේ‍්‍රක්ෂකයන් අතරට යන්න බැරි වෙච්ච අලූත් පරාසයකට යන්න පුළුවන් චරිතයක් හම්බ වුණා.

 * පොදු නාට්‍යය ගැන මොකද හිතන්නේ ?

 පොදු නාට්‍යය ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මියගේ අධ්‍යක්ෂණයක් සහ ධම්මික විජේවික‍්‍රම මහතාගේ තිර රචනයක්. මේකේ කලණ ගුණසේකර, රන්දික ගුණතිලක, අයිශ්වර්යා වර්මන්, දුශ්්‍යන්ත, උමයංගනා වික‍්‍රමසිංහ, තනූජා ජයවර්ධන, ලහිරුනි සල්වතුර රංගනයෙන් එකතු වෙනවා.

 * පොදු අධ්‍යක්ෂවරිය ගැන මොකද හිතන්නේ?


 පොදු අධ්‍යක්ෂණය කළේ ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය. මම පළමුවැනි වතාවට තමයි එ් අධ්‍යක්ෂවරිය සමග වැඩකරන්නේ. ඉස්සරහට ලොකු බලාපොරොත්තුවත් තබාගන්න පුළුවන් අධ්‍යක්ෂවරියක්.

මිෂෙල් යළි දුෂී ලෙස අපි දෙන්නා වෙනස්...



 * දුෂී ඔයාගේ ජීවිතයට කොතරම් සමීපද?

 දුෂී කියන චරිතය මගේ ජීවිතයට සමාන නෑ. මොකද මිෂෙල් දිල්හාරා සහ දුෂී සමාජය දකින විදිහ දෙවිදිහක්. මිෂෙල් දිල්හාරා සමාජය දකින්නේ අරගල කරන්නේ නැතුව හැම කෙනෙක් එක්කම එකතු වෙලා සමාජය වෙනස් කරන්න. නමුත් දුෂී කියලා කියන්නේ මේ කතාවේ හැටියට ඇමැති කෙනකුගේ දුවක්. එතොකොට එයාට උපතින්ම දායාද වෙච්ච විශාල සල්ලි ප‍්‍රමාණයක් සහ මමත්වයක් තියෙනවා. එතකොට කේන්ති ගියහම හැසිරෙන ආකාරය වෙනස්. දුෂීගේ චරිතය මම නිරූපණය කරන්නේ හදාගත්ත චරිතයක් මත. ඒක පැඑයදා ්ජඑසබට කියන ක‍්‍රමයට හදාගත්ත චරිතයක්. මමයි දුෂී කියන්නෙ වෙනස් චරිත දෙකක්.

 * කලණ ගුණසේකර දුෂී ගැන මොනවද කිව්වේ?

 ගොඩ කාලයක් තිස්සේ මම ර`ගපාන්න බොහොම ආසාවෙන් හිටපු රංගන ශිල්පියෙක්. කලණ අයියාගේ දක්ෂතාවය මං මුලින් දකින්නේ කූඹියෝ නාට්‍යයෙන්. සුන්නාගේ චරිතයේදී මම එයාගෙන් දකින්නේ කවදාවත් නොදැකපු පැතිකඩක්. කලණ අයියා කියන්නේ සජීවීව ර`ගපාන්න පුළුවන් චරිතයක්. ඔහුත් එක්ක ර`ගපාන්න ලැබුණ එක ගැන සතුටුයි.

 * දුෂීට ලැබෙන ප‍්‍රතිචාර ?

 දුෂී කියන්නේ වෙනස් චරිතයක් නිසා අනිත් shooting කරන තැන්වලත් සාමාන්‍ය පරිසරය තුළ මාව එදිනෙදා දකින ගොඩ දෙනෙක් ඒ චරිතයේ තියන වෙනස්කම ගැන කතාකරනවා. එ් වගේම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මොකද මාව සාම්ප‍්‍රදායිකව දැකලා තියෙන චරිතවලින් වෙනස් චරිතයක් නිසා මට මෙතෙක් කල් reach කරන්න බැරි වෙච්ච පේ‍්‍රක්ෂක කොට්ඨාසයකුත් දුෂී නිසා අ`දුනගන්න ලැබුණා.

 * දැන් සමාජ සේවා කටයුතුවලින් ඈත් වෙලාද? 

 නැහැ. මම රංගනයෙන් උපයන සියලූම මුදල්වලින් 60% ක් අත්‍යවශ්‍ය පුද්ගලයන්, ළමා නිවාස, වැඩහිටි නිවාස ස`දහා හැම මාසයකම ලබා දෙනවා. මෑතකදී කොවිඞ් නිසා ආර්ථික අපහසුතාවට පත් වූ පවුල් දෙසීයකට හාල් ටොන් එකක් ලබා දුන්නා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග කරපු චරදවැජඑ එකකදී ටැබ් 10ක් ලබා දුන්නා. ඒ ඇරුනාම මොරටුව විශ්වවිද්‍යාලයේ රෝචක සහෝදරයා ඇතුළු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියෝ සාමාජිකයන් සමග එකතු වෙලා අපි කරාපිටිය රෝහලේ පිළිකා රෝගයෙන් පෙළෙන ළමයි පිරිසකට ඔවුන් කැමැති සහ අත්‍යවශ්‍ය දේවල් ලබා දුන්නා.

 * පුංචි තිරයේ ඔබට ලැබුණ ඇගයීම ගැන කතා කළොත්?

 ඒකට නම් සුනිල් කොස්තා සර්ව මතක් කරන්නම ඕනෑ. සුදු ඇ`දගෙන කළු ඇවිදින් නාට්‍යයෙන් පස්සේ මගේ රංගන ජීවිතයේ ඇගයීම් වෙනස් වුණා. ඔහු නිසා මට රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී අයෝමා ගේ චරිතයට හො`දම නැ`ගී එන නිළිය සම්මානයත් සුමති සම්මාන උළෙලේදී අයෝමාගේ චරිතයට හො`දම නැ`ගී එන නිළිය සම්මානයත්, රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී අයෝමාගේ චරිතයට රාජ්‍ය සම්මානයත් ලැබුණා.

 * මේ ලැබෙන ජනප‍්‍රියත්වය ගැන මොකද හිතන්නේ?

 ජනප‍්‍රියත්වය කියන එක ගොඩක් රංගන ශිල්පිනියන්ට අවශ්‍ය දෙයක්. මොකද රංගන ශිල්පිනියකගේ ජීවිතය කියන්නේ ගොඩක් වෙහෙසකාරී ජීවිතයක්. සමහර වෙලාවට උදේ පාන්දර 4.00ට රූගතකිරීම් පටන් ගත්තාම ? 11.00, 12.00 වෙනකම් යන අවස්ථා තියෙනවා. ලැබෙන ජනප‍්‍රියත්වය නිසා එහෙම නැතත්් සමාජයෙන් ලැබෙන ආදරය නිසා ඒ වෙහෙසකාරී බව නැතිවෙනවා.

 * අධ්‍යාපන කටයුතුවලින් දැන් ඈත්වුණාද ?

 නැහැ. මේ ටිකේ මගේ අධ්‍යාපන කටයුතුත් රංගනයත් එක්ක කරගෙන යනවා. ඒ වගේම මගේ දෙවනි පර්යේෂණාත්මක පොතත් මේ දවස්වල ලියන්න පටන් ගත්තා. ඒ පොත් ස`දහා අවශ්‍ය පර්යේෂණ කටයුතු වගේම රංගන කටයුතුත් කරගෙන යනවා.

 * කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වෙලා තියෙනවාද?

 මම ක්ෂේත‍්‍රයට ආපු දවසේ ඉ`දලා මම ක්ෂේත‍්‍රය දිහා දකින්නේ ගොඩක් සුබවාදීව. මට target එකක් තියෙනවා. මට අවශ්‍ය වයසට ගිහාම ඒ target tl achieve කරලා තියෙන්න විතරයි. ඒ ගමනේදි යම් කිසි තැනකදී මං fail වුණොත් එක්කො මට ලැබිය යුතු

 අවස්ථාවක් නොලැබුණොත්, ඒ ස`දහා මං දුක් වෙන්නේ නෑ, මම ඒක ආයෙ මට ලැබුණේ නැති තැන ඉ`දලා ආයේ උත්සාහ කරලා වෙන තැනකින් හරි මම fail වෙච්ච තැනින් මං start කරලා මගේ ගමන යන්න උත්සාහ කරනවා.

 * ඇත්තටම මිෂෙල් කියන්නේ කවුද?

 තාම මාත් ඒක හොයනවා. ඒක මම කියන්න ඕනෑ දෙයක් නෙමෙයි. ඒක මම කියනවට වඩා සමාජය සහ පේ‍්‍රක්ෂකයා කියන දේ තමයි වටින්නේ. මිෂෙල් කියන්නේ කවුද කියන එක වමාටැ කරන්න තාම අවුරුදු පහයි ගිහින් තියෙන්නේ. අවුරුදු විස්සකින් විතර සමාජය මං ගැන දකින විදිහ අනුව තමා මම කවුද කියලා මට කියන්න පුළුවන්.

 * රගපෑමට අලූත් ආරාධනා නැද්ද?

 දැනට මම නාට්‍ය පහක විතර වැඩ කරනවා. හිරු එකේ ‘පිට කවර’ සියතේ ‘ර්ජැ’ ටෙලිනාට්‍යය, සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කරන ‘පනම් බ`දින ගස්’ නාට්‍යය අලූතින් පටන් ගන්නවා. ඒ ඇරුනම ඉරේශ් ලොකුබණ්ඩාර සර්ගේ නාට්‍යය සහ තව අලූත් නාට්‍යයක වැඩ ටික කරගෙන යනවා.

 * මේ දිනවල පොතක් ලියනවා කියන්නේ ඇත්තද?

 ඔව්. ඒක මගේ දෙවැනි පොත. මේ වෙනකොටත් ්ප්‘දබ ආයතනයෙන් මගේ දෙවනි පොත චමඉකසිය කරන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක මම ලියන්නේ අද ලෝකයේ තියෙන ලොකුම ප‍්‍රශ්නය වන දේශගුණික වෙනස්වීම් සහ ගෝලීය උෂ්ණත්වය පිළිබ`දව. ඒක පර්යේෂණ ග‍්‍රන්ථයක් විදිහට තමයි රුකැ්ිැ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකට මේ රටේ විශ්වවිද්‍යාල දෙක තුනක සහයෝගයෙන් සහ ජාත්‍යන්තරව ෑ්රඑය ෘ්හ භැඑඅදරන එකට සම්බන්ධ විශ්වවිද්‍යාල මහාචාර්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ දවස්වල ලියමින් යනවා.


 නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment