භික්‍ෂුවක් මාකොළගොමුවේ අක්කර 4500ක කරන වන විනාශය නතර කරන්න – උසාවිය වනජීවියට නියෝග කරයි

849

වලත්තෑවේ රාහුල නමැති භිෂුවක විසින් අනුරාධපුරය මාකොළගොමුව ප්‍රදේශයේ වනාන්තරයෙන් අක්කර 4500 ක පමණ ප්‍රමාණයක් කොටුකරගෙන සිදුකරන වන විනාශය වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20 දා) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එම ඉඩම් වටා ඉදිකර ඇති නීති විරෝධී අලිවැටවල් නිසා වන සතුන්ට හා ප්‍රදේශවාසී ජනතාවට ද සිදුවන හානිය වහාම අවම කිරීමටත් විදුලි අලි වැටවල් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඬුල්ල එහිදී වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට ද නියෝග කළහ. එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන වසරේ පෙබරවාරි 14 වැනිදා දක්වා කල් තැබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment