ස්පා දැරිය හඬද්දී සේවය ගන්න ආ තැනැත්තා හිත උණුවී හැරී යයි

20134

මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබා ගැනීමට පැමිණි මීගමුවේ පුද්ගලයකු එහි සිටි 15 හැවිරිදි දැරිය හැඬූ කඳුලෙන් ඔහුට කී ප්‍රශ්නය නිසා හිත උණුවී ආපසු පිටතට ගොස් ඇති බව හෙළි වූයේ යැයි මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය. ‘ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න’ යැයි එම තැනැත්තා ඇයට කියමින් සිය දුරකථන අංකය ද ඇතුළත් කාඩ්පතක් ඇයට දී ඇතැයි පොලිසිය පවසයි.

මේ අනුව එම තැනැත්තා පොලිසිය මගින් ගෙන්වා ගෙන ඔහුගෙන් කට උත්තරයක්ද ගෙන තිබේ.

මේ අහිංසක කෙල්ල දැකල මට හුඟාක් දුක හිතුණා. ඇය හඬන්නට පටන් ගත්තා යැයි ඔහු පවසා ඇත.

මෙම 15 හැවිරිදි දැරිය ගෙදරින් තරහ වී එද්දී ඇගේ ඥාතීයෙකු මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇය භාරදී ඇත්තේ රුපියල් 15,000 ක මුදලකට බවද පොලිස් අධිකාරි චරිත් පෙරේරා මහතා සඳහන් කළේය.

පොලිසිය මෙම වැටලීම කිරීමට දින තුනකට කලින් ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තිබීම නිසා ඇය වැඩි කාලයක් එහි සේවය කර නැතැයි ද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment