සංශෝධිත මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමුකළා

252
  • අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ

සංශෝධිත මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද විද්වත් කමිටු වාර්තාව අනුව නව පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් එය මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම පනත සංවිධානය කිරීමට අදාළ පනත් කෙටුම්පත සකස් කර ලැබුවේ විද්වත් කමිටුවක නිර්දේශ අනුව බවත්, ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව තුළ තවදුටත් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඇමැතිවරයා කීය.

මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පිළිබඳ සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මුස්ලිම් සිවිල් සමාජය නියෝජනය කරනු ලබන නියෝජිත පිරිසක් පසුගියදා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා හමුවීමට ගිය අවස්ථාවේ දී ඔහු මේ අදහස් ඉදිරිපත් කළේය.

මෙම සාකච්ඡාව සඳහා මුස්ලිම් කවුන්සිලයේ අධ්‍යක්‍ෂ එම්. එච්. එම්. නියාස්, නීතිඥ ඉර්ෆානා ඉම්රාන්, නීතිඥ නුස්රා සරුක්, නීතිඥ නලනි එලන්ගෝන්, මාධ්‍යවේදී රවී මහරුෆ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

සචිනිකා රාජපක්‍ෂ සහ හර්ෂනී ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment