විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් අපේ සහාය දෙනවා – එරාන් වික‍්‍රමරත්න (සජබ)

332

ප‍්‍රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත්, ආර්ථිකය මත පදනම් වූ විසඳුමක් ලබා දීමට සියලූ පක්ෂ එක්ව කටයුතු කළ යුතු යැයි හිටපු ඇමැති අලි සබි‍්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) පැවසීය.

නියෝජ්‍ය වේත‍්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (07 දා) පෙරවරු 10ට රැුස්විණි.

නිවේදන, වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව දිනට නියමිත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පත, වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමයන්, සුරා බදු ආඥාපනත යටතේ නිවේදනයක් සංශෝධන සහිතව සම්මත කරනු ලැබිණ.

අනතුරුව රට තුළ මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තුන්වෙනි දිනටත් විවාදය ආරම්භ විය.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා

(ජා. ජ. බ.)

තෙල් ඇමැති කිව්වා ඕනෑ තරම් තෙල් බවුසර් යැව්වා කියලා. ජනාධිපති කිව්වා මේ අර්බුදය මා විසින් නිර්මාණය කළේ නෑ කියලා නමුත් ජනතාවට ආණ්ඩුව සංවේදී නොවීම නිසා පාලකයන් එළවීමට ජනතාව පාරට බැස්සා. ජනාධිපතිට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න කිව්වා. මේ ආර්ථික අර්බුදය දැන් රටේ දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා. දැන් ආණ්ඩුවේ මන්තී‍්‍රවරු 40ක් පමණ ස්වාධීන වෙලා. ජනතාව පාරට බහින විට ආණ්ඩුව හදිසි නීතිය පැනවුවා. නමුත් නැවතත් එය ඉවත් කරගන්න ජනාධිපතිට සිදුවුණා. පසුව ඇඳිරි නීතිය පැනවුවා. නමුත් එමගිනුත් විසඳුමක් ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව රැුස්වුණා නමුත් එමගිනුත් විසඳුමක් නෑ. අපේ රටේ ජනතාව කියන අරගලයේදී දැන් කේන්ද්‍රය වෙලා තිබෙන්නේ ජනාධිපති ගෙදර යායුතුයි කියලා. එය විපක්ෂය කියන දෙයක් නොවෙයි, ජනතාව කියන දෙයක්. ගෝටා ගෝ හෝම් කීම මේ අරගලවල එක කේන්ද්‍රයක.් අනෙක සාමාන්‍ය ජනතාවට අධික මිල ගණන්වලට භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කරන්න කියලා. නමුත් ඒවාට විසඳුමක් නෑ. කැබිනට් මණ්ඩලයම එක රැුයකින් ඉල්ලා අස්වුණා. නමුත් ඒකෙනුත් විසඳුමක් තවමත් ලැබිලා නෑ. මේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය තවම ආණ්ඩුව තේරුම් අරගෙන නෑ. පාලකයා වශයෙන් ජනාධිපති තවමත් මෙය තේරුම් ගෙන නෑ. අන්තර්වාර පාලනයකට කරන යෝජනාත් ජනතාව පිළිගන්නේ නෑ. ඒ නිසා ජනතාවගේ අද අනිවාර්යය කොන්දේසිය වෙලා තිබෙන්නේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියායි. ඔහු හෝ මේ පාලකයින් ගෙන එන කිසිම යෝජනාවකට ජනතාව

එකඟ වන්නේ නෑ ජනාධිපතිවරයා ඉවත් නොවන තාක්. ඒ නිසා අප කවර යෝජනාවක් කළත් ජනතාවට අදාළ නෑ. ප‍්‍රථමයෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. ඊට පසුව ඕනෑ දෙයක් කියන කාරණය ජනතාව පිළිගනීවි. මොකද මේ වනවිට වෙළෙඳපොළේ භාණ්ඩ ඉතා ඉහළ ගිහින් ඔහුට එය පාලනය කර ගන්න බැරි වෙලා. ඒ නිසා ජනතාවට හති වැටෙයි කියලා පාලකයන් හිතනවා නම් එය නිවැරදි වන්නේ නෑ. මේ උද්ඝෝෂණ තවදුරටත් කි‍්‍රයාත්මක වන බව පෙනෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා –

රටක් තියෙන්න ඕනේ ඔබතුමාලාට දේශපාලනය කරන්නත්, අපි ඔක්කොටම දේශපාලනය කරන්නත්. විප්ලවවාදීන්ට මේකට ඉඩදෙන්න විදිහක් නෑ. මේවට අපි මුහුණ දුන්නා 71දී. මැතිනිය කාන්තාවක් වුණත් මේකට මුහුණ දුන්නා. රටේ තරුණයන් දහස් ගණනක් මැරුණා එදා. කනත්තට තමයි එක්ක ගියෙ. කනත්තට දැක්කුවා. ඒ පාප කර්මවලින් කවදාවත් මිදෙන්න බැහැ. ඊළඟට 88/89 හැටදාහක් මැරුවා. මේ රටේ තරුණ තරුණියන්ව. එවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ.

ඒ නිසා අපි කියනවා කිරිපිටි ගෑස් තෙල් ඒවා සංවේදී ප‍්‍රශ්න. විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරන් තියෙනවා. මේක අපි ඔක්කොම එකතුවෙලා විසඳන්න ඕනි. මේක විසඳගමු. අපිට විශ්වාසයක් තියෙනවා මේක විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි ධනාත්මක තත්ත්වය. ධනාත්මක පැත්තෙන් මේක බලන්න ඕනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක අමාරු කාලයක්. ඒක අපි දන්නවා. මේක ගැන කතා කරන්න ගියොත් අපිට පුළුවන් පහුගිය අවුරුදු පහට මඩ ගහන්න. ඒ වෙච්ච දේවල් කියන්න. ලෝන් ගත්ත ඒවා ගැන ඔබතුමාලට කියන්න පුළුවන්. ඒවා ගැන කිය කියා අපිට ගහගන්න පුළුවන්. හැබැයි රට අර්බුදකාරී තත්වයකට ඇවිල්ලා තියෙනවා.

ලෝක ව්‍යසනයක් එක්ක. කොවිඞ් එක හරහා අපි ඒක පිළිගන්න ඕනේ. භාණ්ඩ මිල මුළු ලෝකෙම වැඩිවෙලා තියෙනවා. තෙල් හිඟ සමහර රටවල්වල ඇති වෙලා තියෙනවා. පෝලිං ඇතිවෙලා තියනවා. ඒවා ලංකාවේ විතරක් නෙවෙයි. දැන් මේ සමහර අය පෙන්නන්න හදනවා මේක ලංකාවේ විතරයි තියෙන්නෙ කියලා. ඉතාමත්ම ගෞරවයෙන් කියනවා අපි අනිවාර්යයෙන්ම සැලසුම් සහගත ලෙස මේ ප‍්‍රශ්න ටිකට විසඳුම් දෙනවා කියලා. ඒක ඉතාමත්ම ගෞරවයෙන් අපි මේ සභාවේදී මතක් කරනවා. අපේ ජනතාවට සියලූම දෙනාම වෙනුවෙන් මම මතක් කරනවා. ඊළඟට එතුමා කිව්වා කැබිනට් මණ්ඩලයේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඉල්ලලා අසුවුණා කියලා. ඉතින් හොඳයිනේ. ඇයි අපි ඉල්ලලා අස්වුණේ. කවුද එහෙම ඉල්ලලා අස්වෙන්නේ. අපි ඉල්ලලා අස්වුණේ තමුන්නාන්සේලාගේ ඉල්ලීමට. ආණ්ඩුවක් කරන්න අපි ආරාධනා කරනවා විපක්ෂ නායකතුමාට. ඉතාමත් හොඳ අදහස් ගැන එතුමා කතා කෙරුවා පළවෙනි රැුස්වීමේදී. ඔබතුමා කතාකරලා ඉක්මනින් ගියා එතනින්.

ඡුන්දෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් 69 ලක්ෂයක් ජනාධිපතිතුමාට අවුරුදු පහක බලයක් දීලා ජනාධිපති කරපුහාම ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. මේ කවුරුත් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න සූදානම් නැහැ. මේ දෙපැත්තෙම ඉන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන අය. ඒකෙන් ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතාකෙරුවේ ටදඒ ටද යදපැ ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. ඒක තමයි ඔබතුමා නුගේගොඩදි කිව්වේ. ඔබතුමා හිතන්න එපා අපි මෝඩයෝ කියලා.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ වැරැුද්දේ ඔබතුමත් කොටස්කාරයෙක්. 20 වෙනි සංශෝධනය ගැන අපි පාර්ලිමේන්තුවට එනකොටයි දන්නේ. හැමවෙලාවෙම පාර්ලිමේන්තුව දුර්වල කරලා අපිට කියනවා උදව් කරන්න කියලා.

එම නිසා අද රටේ ඇතිවුණ තත්ත්වයට වගකියන්න ඕන අපි නෙවෙයි. ති‍්‍රකුණාමලය ගැන ඉන්දියාවත් එක්ක සාකච්ඡුා කරා. අපි දන්නෙත් නෑ. චීනයට වරායෙන් කෑල්ලක් දුන්නා. ඉන්දියාවටත් දුන්නා. මොනා දුන්නද කියලා අපි දන්නෙ නෑ. අපි මහ ලොකුවට කියනවා මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ අපිට කියලා. ඒ වුණාට දෙසැම්බර් 10 වැනිදායින් පස්සේ මුදල් ඇමැති මේ පාර්ලිමේන්තුවේ කතා කරලවත් නෑ.

ඇමරිකාවට කෑල්ලක් දුන්නා. අපිට ගිවිසුම ඉදිරිපත් කරාද? නෑ. ඉතින් පාර්ලිමේන්තුව දුර්වල කරලා දැන් අපෙන් විසඳුම් ඉල්ලනවා. විසඳුමක් ඕන නම් මේ ව්‍යවස්ථාවේ වෙනසක් ඇති කරන්න ඕනෙ. අපි දෙගොල්ලම එකතුවෙලා බලන්න ඕනේ, මේ විධායක ජනාධිපති ක‍්‍රමය ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා.

මේ දුෂ්කරතා ඇති කරාට මුලින්ම ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තිය යටතේ ජනතාවට මේ දේවල් දෙන්න එතුමා වගකියනවා. පාලකයෝ නිහතමානි වෙන්න ඕනෙ. දෙවැනි එක තමයි, විධායක ජනාධිපති ක‍්‍රමය ගැන අපේ විපක්‍ෂ නායකතුමත් කතා කළා. දෙගොල්ලම එකඟයි නම් අපිට වෙනසක් කරන්න පුළුවන්. මම මේ වෙලාවෙදි කියනවා 19 වැනි සංශෝධනය හරි අඩුම ගාණේ බලාත්මක කරන්න කියලා.

පත්කළ මන්තී‍්‍ර අලි සබි‍්‍ර මහතා (ශී‍්‍රලපොපෙ) – මේ අර්බුදවලට හේතු රාශියක් තිබෙනවා. එක් පැත්තකට ලඝු කරන්න බෑ. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමා කිව්වා ඒ අයගේ කාලයේ මෙපමණ ඩොලර් සංචිත ප‍්‍රමාණයක් තිබුණා කියලා. හැබැයි ඒ අයට අමතක වුණා ඒ කාලයේ කොතරම් ණය ගත්තාද කියලා. අපි මේ වගේ විවාද කරලා වැඩක් නෑ. අපි හැමෝම එක්වෙලා සාධාරණ විසඳුමක් සෙවිය යුතුයි. මමත් කැබිනට් මණ්ඩලයේ හිටියා මේ අර්බුද ගැන මමත් ජනතාවගෙන් සමාව ඉල්ලනවා. පසුගිය කාලයේදී රට ලොක්ඩවුන් පිට ලොක් ඩවුන් කළා. සංචාරක කර්මාන්තය කඩා වැටුණා. විදේශ පේ‍්‍රෂණ ඒම නැවතුණා. ආණ්ඩුවට ආදායම් එන මාර්ග සියල්ල අහිමි වුණා. ඒ නිසා රටේ ආර්ථිකය වැටුණා. අපි සියලූ දෙනාම මේවාට විසඳුම් දැන් සෙවිය යුතුයි. මමත් කලින්ම කිව්වා අයි එම් එෆ් යන්න කියලා. අපි අයි එම් එෆ් යන්න ප‍්‍රමාද වුණා. මා එය

පිළිගන්නව. දැන් රටේ ඉතාම බරපතළ තත්ත්වයක් තිබෙන්නේ ජනතාවගේ උද්ඝෝෂණ සියයට සියයක්ම නිවැරැුදියි. අපි එය වැරැුදියි කියන්නේ නෑ. ජනතාවට ඊට අයිතියක් තිබෙනවා. අපි හදිසි නීතිය, සමාජජාලා තහනම ඉවත් කිරීම කළා. අභ්‍යන්තර අරගල තුළින් අපි අන්තර්වාර පාලනයට විපක්‍ෂයට ආරාධනා කළා. නමුත් ආවේ නෑ. ඇමැතිවරු අස්වුණා කියලා මේ ප‍්‍රශ්නය විසඳෙනවාද, පෝලිම් නැතිවෙනවාද, මෙහි විසඳුම කුමක්ද ආර්ථිකය මත පදනම් වූ විසඳුමක් දිය යුතුයි. කවුරු ආවත් අපි ඩොලර් හොයන්න ඕනෑ.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා (සජබ) – අපි පසුගිය අයවැයේදී පැහැදිලිවම කිව්වා මෙහෙම තවදුරටත් යන්න බැහැ කියලා. එදා අයි. එම්. එෆ්. එකට ගියා නම් අපි මේ අමාරුවට වැටෙන්නේ නැහැ. අද මෙම අමාරුවට වැටුණේ ආණ්ඩුවේ නොහැකියාව නිසයි.

අපේ භාණ්ඩාගාරයට ගැටලූ තියෙනවා. බදු කපාහැරීම වැරදියි. බදු නැතිව රටක් දුවන්න බැහැ. අපේ රට තමයි අඩුම බදු අයකරන රට. 2015 දී සියයට 9 ක් බදු. මංගල සමරවීර සියයට 12 දක්වා බදු වැඩි කළා. අද සියයට 8 ට අඩුවෙලා. සාධාරණ ලෙස බදු අයවිය යුතුයි. බදු ප‍්‍රතිපත්තිය වැරැුදියි. ඩොලර් බිලියනයක් ජුලි මාසයේ ගෙවන්න තියෙනවා. මීට පෙර ඩොලර් මිලියන 500 ක් ගෙව්වා. එය නොකළා නම් කිරිපිටි, අත්‍යවශ්‍ය දේ ගේන්න තිබුණා. මේ ගෙවීමෙන් සියයට දෙසීයක් ලාබ ලබපු අයත් හිටියා. අපි සූදානම් තාවකාලික විසඳුමකට සාකච්ඡුා කර විසඳුමකට එන්න පුළුවන්.

නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක – තෙල් නැතිව, පිටි නැතිව, ගෑස් නැතිව සිටිද්දී මිනිස්සු අපට ශාප කරමින් එළියට බැස්සා. මේ වනවිට ගෑස්, විදුලිය හා තෙල් අපේ‍්‍රල් මාසයට ගේනවා. ඉදිරියේදී ගෑස් තෙල් පෝලිම් අවසන් කරන්න පුළුවන්.

බදු ආදායම යම් විදිහකට මිනිසුන්ට බාධා නොවන ලෙස වැඩි කරගත යුතුයි. උද්ඝෝෂණ ප‍්‍රචණ්ඩත්වයට තල්ලූ කරන්න එපා. 2015 න් පසු ස්වෛරිත්ව බැඳුම්කර ගත්තෙ අපි ද බිලියන ගණනින් ණය වැඩි කළා.

පත් කළ මන්තී‍්‍ර ගෙවිදු කුමාරතුංග (ශී‍්‍රලපොපෙ) – අද පාරට බැස ඇති ජනතාවගේ හඬ ගැඹුරින් සිතා බැලිය යුතුයි. පක්‍ෂ දේශපාලනය තම ප‍්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට මුල්කර ගත්තත් එය පුස්සක් බවට පත්වුණා.

නව ව්‍යවස්ථාවක් ඇති කරන බවට ආණ්ඩුව ප‍්‍රකාශ කළත් ඒ වෙනුවට ලැබුණේ 20 වැනි සංශෝධනය පමණි. අපි 20 ට ඡුන්දය දුන්නේ එහි අඩුපාඩු නිවැරැුදි කිරීමට ගත් උපරිම උත්සාහයකින් පසුවයි. වසරක් යෑමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙනවිත් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන බව කීව ද එම ප‍්‍රතිපදාව කඩකිරීම අද ප‍්‍රශ්නයට තවත් හේතුවක්.

කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන (ශී‍්‍රලපොපෙ) – අද තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් තිබෙන බව පිළිගන්නවා. ලයිට් කැපුවාම ගෙවල්වල ඉන්න බැහැ. ඒ මිනිස්සු පාරට ඇවිත් ඉල්ලූවෙ ගෑස්, තෙල්, ලයිට් දෙන්න කියලා ඉල්ලූවා.

ඒත් ඒකට පිටිපස්සෙන් ප‍්‍රචණ්ඩත්වය රට තුළ කි‍්‍රයාත්මක කරවනවා. රටේ ප‍්‍රශ්න තියන මිනිස්සු පිටුපස සිට ආණ්ඩුව දියව් කියනවා. මෙය නවතින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිව කැලෑ නීතිය රජකරවමින්.

මහනුවර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රාවුෆ් හකීම් (සජබ) –

ආණ්ඩු පක්‍ෂයේ අය පාපොච්චාරණය කරනවා. එය නොහැකියාවේ පාපොච්චාරණයක්. වගකීම් භාර ගන්න බැරි ජනපතිවරයෙක් ඉන්නවා නම් ඉල්ලා අස්විය යුතුයි.

හැමවිටම මිථ්‍යාදෘෂ්ටික තීරණ ගන්නේ. පාර්ලිමේන්තුවෙන් පිට තියෙන අඳෝනාව ගැන අහන්න. මේ ආණ්ඩුව බලය ගත්තෙත් ප‍්‍රචණ්ඩත්වයෙන්. වඳ දොස්තර, වඳ කොත්තු කතා කිව්වා. මිනිස්සු කුලප්පු කළා. හැමෝම එකතු වී කතා කර යම් යාන්ත‍්‍රණයක් සකස් කර ගත යුතුයි. අපි එක එක ජාතියේ ආණ්ඩු දැක්කා. ඒත් සාර්ථක විසඳුමක් රටට අවශ්‍යයි.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විමල් වීරවංශ

අපි කාටවත් අයිතියක් නැහැ තැටිය රත්වූ වෙලාවේ රොටිය පුච්ච ගන්න. බොහෝ අය අර්බුදය තමන්ගේ අවස්ථාව

කරගන්න උත්සාහ කරනවා. තත්ත්වය මහජනයාට ජයග‍්‍රහණය දිනා දීමට යොදා ගත යුතුයි. අවාසනාවට එය සිදුවන්නේ නැහැ. ඇමැතිවරුව සිටියදී මේ අර්බුදය එන බව කිව්වා. කල් තියා පියවර ගත යුතුයි කිව්වා. ද්විත්ව පුරවැසියා අපේ කිසිම අදහසක් ගණන් ගත්තේ නැහැ. මූල්‍ය මණ්ඩලයට නොයා අර්බුදය වැඩි වීමට ඉඩ හැරීමට ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසාම ජනාධිපති තනතුර දාලා ගිය විට ජනපති වෙන්න ඔහුට උවමනාවක් තිබ්බා. මේ රට අස්ථාවර වෙන්න නොදී පවත්වා ගත යුතුයි. දැනටමත් කර්මාන්ත වහලා රැුකියා අහිමි වෙලා. අර්බුදයේ වාසිය අපි ගමු කියලා හිතනවාද අර්බුදය ජයගත යුතු වැඩපිළිවෙළකට යනවා කියා තීරණය ගත යුතුයි.

අරාජිකත්වය වර්ධනය වීමට නොදී සිටීමට අපිට වගකීමක් තියෙනවා. මිතුරු රටවල් සමඟ කතා කරලා විදේශ සංචිතයට ඩොලර් බිලියන 4- 5 ක් වත් එකතු කරගත යුතුයි. අපට කැමති රටවල් තරහකර ගත්තා. ජපානය තරහ වුණා. අග‍්‍රාමාත්‍යවරයාගේ සිට තිබුණු ආණ්ඩුව ඉවත් විය යුතුයි. අන්තර්කාලීන ආණ්ඩුවට සියලූ පක්‍ෂ එකතුව ගොඩනගා මිත‍්‍ර රටවල් සමග කතා කර සංචිතය වැඩිකර ගත යුතුයි.

එමගින් රේටිංවලින් ඉදිරියට යා හැකියි. එවිට බැංකු ණය දෙන්න පැකිළෙන්නේ නැහැ. කෙටි කාලීන අන්තර්කාලීන පාලනයක් අවශ්‍යයි. ලෝකයේ රටවල අපේ ජනතාව විශ්වාසය ඊට ලබාගත යුතුයි.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මේ තත්ත්වයට පත්වීම

ගැන කනගාටු වෙනවා. තම සහෝදරයා ඊට පාර කැපුවා. ඒවා දිහා දැන් බල බල ඉන්න විදියක් නැහැ. අර්බුදකාරී තත්ත්වයෙන් වෙන වෙන අය වාසි ගන්නවා.

දේශපාලන මත තියෙනවා. දේශපාලනය කරන්න නම් රටක් තිබිය යුතුයි. අර්බුදය පාපන්දුවක් බවට පත් කර ගන්න දෙන්න එපා. එසේ වුවහොත් පාලනය ව්‍යසනයක් බවට පත්වෙනවා. පුළුල් ඇහැකින් රට ගැන සිතා සුදුසු වැඩපිළිවෙළකට ගිහින් අන්තර් පාලනයකට යා යුතුයි.

පත්කළ මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න (සජබ) –

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විපක්ෂය කළ යෝජනාවට අග‍්‍රාමාත්‍යවරයා එකඟ වූ පරිදි එය අහෝසි කරන්නේ නම් රජයේ ආරාධනාව පරිදි ප‍්‍රධාන විපක්ෂය අන්තර්වාර රජයකට එකතුවී ආර්ථිකය ගොඩ ගැනීමේ වගකීම භාරගන්න සූදානම්. පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයෙන් පසු එකී මහ මොළකරු කවුරුන්දැයි ප‍්‍රශ්න කළ මාව සීඅයිඞී එකට කැඳවා කටඋත්තර ලබා ගත්තා.

මේ ආණ්ඩුවට තිබෙන මූලික ප‍්‍රශ්නය රජය කෙරෙහි විශ්වාසයක් නැති වීමයි. මූල්‍ය ප‍්‍රශ්නයක් හෝ ආර්ථික ප‍්‍රශ්නයක් රජය කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසයක් නැති නම් එම රජයට විසඳීමට හැකියාවක් නැත. සර්ව පාක්ෂික සමුළු ප‍්‍රදර්ශන වලට සමගි ජන බලවේගය සහභාගි නොවන නමුත් පාර්ලිමේන්තුව තුළ රටේ උද්ගතව ඇති ගැටලූවලට දිය යුතු විසඳුම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න ස.ජ.බ ය සූදානම් ය.

ජනාධිපතිට හා අග‍්‍රාමාත්‍යවරයාට ආර්ථිකය හා මූල්‍ය පිළිබඳව අවශ්‍ය දැනුමක් නැති අවස්ථාවකදී අවම වශයෙන් ආර්ථිකය හා මූල්‍ය පිළිබඳ දැනුමක් ඇති මුදල් ඇමැතිවරයෙක් පත් කළ යුතුයි. එපමණක් නොව එකම පවුලේ සාමාජිකයන් තුන් දෙනෙක් අමාත්‍ය මණ්ඩලයට ලොව කිසිදු රටක පත්කළ ඉතිහාසයක් නැත. ඒ නිසා මේ රජය කෙරෙහි විශ්වාසය නැතිවීම වැළැක්විය නොහැකිය.

අපට ආර්ථිකයට සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම අනුව රටේ වර්තමාන පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා.

මේ රජය කෙරෙහි විශ්වාසය නැති වීමට එක් ප‍්‍රධාන හේතුව ¥ෂණයයි. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් බස් මිලදී ගැනීම සඳහා බි‍්‍රතාන්‍යයේ අදාළ සමාගම විසින් මුදල් ලබා දී ඇති බව එරට අධිකරණයේදී වාර්තා වුණා. ශ‍්‍රී ලංකා ගුවන් සේවයේ එවක ප‍්‍රධාන විධායක නිලධාරී ගේ භාර්යාවගෙන් ගිණුමට ඩොලර් මිලියන දෙකක් බැර කර ඇති බව වාර්තා වුණා. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකාවේ ¥ෂිතයකුට ඩොලර් මිලියන 6.5 මුදල් ලබාදීමේ වරදට ඇමරිකාවේ එම සැකකරු දැන් බන්ධනාගාරගත කර තිබෙනවා.

2013 වසරේදී ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට නව ගොඩනැගිල්ල ලබා ගැනීමේදී ඩොලර් තුන් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් වංචා කළා යැයි එවක ඇමරිකානු තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතාට එරෙහි දැන් ඇමරිකාවේ නඩුවක් පවතින අතර ඒ චෝදනාව පිළිබඳව ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඔහු වරද පිළිගෙන ඇත. එක්සත් ජාතීන්ගේ ¥ෂණ විරෝධී ප‍්‍රඥප්තියට ශ‍්‍රී ලංකාව ද අත්සන් තබා ඇති අතර ඒ අනුව ¥ෂණයෙන් රැුස්කරගත් වත්කම් ආපසු ලබා ගැනීමේ පරිච්ෙඡ්දයක එහි අඩංගුය. ශ‍්‍රී ලංකාවේ සිදුවූ ¥ෂණයන් පිළිබඳ විදේශ අධිකරණවල දී දඬුවම් දෙන විට ශ‍්‍රී ලංකාවේ ඒ පිළිබඳව පරීක්ෂණය හෝ නඩුවක් හෝ පවරා නැත.

පත්කළ මන්ත‍්‍රී ඉමිතියාස් බාකීර් මාකර් (සජබ) –

මට මතක් වෙනවා එදා අපි නිදහස් අරගලය ජයගත්තු විදිහ. ඉතාම සාමකාමී ලෙස නමුත් අපි ඒ දිනාගත් දෙය අද වන විට අර්බුදයට ලක්වෙලා.

සුරේන් රාඝවන් මහතා මූලාසනයට පැමිණේ.

ඉමිතියාස් බාකිර් මාකර් මහතා – මම දැක්කා විදේශීය සඟරාවක සඳහන් කරලා තිබෙනවා ආසියාව ආර්ථික වශයෙන් ඉදිරියට ඇවිත් කියලා. නමුත් කියන්න කනගාටුයි

ශ‍්‍රී ලංකාව එහි පහළ මට්ටමකයි තිබෙන්නේ. අපේ ආර්ථික වර්ධනය 2.5% යි. නමුත් අනෙක් රටවල් ඊට ඉහළින් සිටින්නේ. අද රටේ පෝලිම් ඇතිවෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩ නෑ. විශාල වශයෙන් ණය ගෙවන්න වෙලා තිබෙනවා. ඒ ණය ප‍්‍රතිව්‍යුහගත කර ගත්තොත් මේ මොහොතේ අපට විදේශ විනිමය ඉතිරි කරගත හැකියි.

රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර –

ඉදිරි දිනවල ඉන්ධන හා ගෑස් බෙදාහැරීම යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා. විදුලිය යථා තත්ත්වයට පත් කරන්න තව සති දෙකක් පමණ යාවි. ඊට හේතු බලපා තියෙනවා.

අද වනතුරු කිසිම පාර්ශ්වයක් ආණ්ඩුවෙන් ඉවත් වූවාට විපක්‍ෂයට එකතු වී නැහැ. හර්ෂව ජනපති කරන්න පිරිසක් කියනවා. සජිත්ව ජනපති කරන්න තව පිරිසක් ඉන්නවා. ව්‍යවස්ථාවට පිටින් යන්න එපා කියලා උසාවි ගිය සමහරු ව්‍යවස්ථාවට පිටින් ජනපති වෙනස් කරන්න කියනවා.

අගමැතිතුමාගේ නමින් පාර්ලිමේන්තුවට ආපු මිනිස්සු

අගමැතිව ඉවත් කරන්න යෝජනා කරනවා. මහින්ද සුළඟ නැත්නම් ඔවුන් අද නැහැ. අපිට ලැබුණු ජනවරම කි‍්‍රයාත්මක කිරීමට අපි බැඳී සිටිනවා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක (සජබ)

අද රට විප්ලවීය වෙනස්කම් සිදුවන අවස්ථාවක තිබෙන්නේ. ජනතාව කිසිම භේදයකින් තොරව එකතුවෙලා.

සම්ප‍්‍රදායික කි‍්‍රයාමාර්ග ප‍්‍රතික්ෂේප කරනවා. අද රට බංකොලොත් භාවයට පත් වී තිබෙනවා. අර්බුදයේ සිට බලයේ එල්ලී සිටීම ද අනුගමනය කරන්නේ. ජාතික මංකොල්ලයේ වගඋත්තරකරු රාජපක්ෂවරු කියලා අද ජනතාව ප‍්‍රකාශ කරනවා. අද ඡුන්ද කොළ ගහන්න කොළ නැහැ. ඡුන්ද

ගණින්න විදුලිය නැහැ. ජනපති පාස්කු ප‍්‍රහාරයට මුවා වී ආවා. රට නිදහස් තැනකට පැමිණ ඡුන්දයකට යා යුතුයි. මම සියලූ වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවා රට හදන්න එක්වන්න. ජනපති, අගමැති ව්‍යවස්ථානුකූල කි‍්‍රයාමාර්ග තුළින් ඉවත් කරන්න ක‍්‍රම තියෙනවා. අභියෝගවලට මුහුණ දෙමින් කැපවීම ධෛර්ය ලබාදීමට සූදානම්.

රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර

අපි ආණ්ඩුවේ සිටියදී වැරදි පෙන්නුවා දැනුත් පෙන්වනවා ජනපති ඉවත් කිරීම මේ වෙලාවෙ කරන්න බැහැ. නමුත්

අගමැතිගේ සිට ආණ්ඩුව ඉවත් කිරීම ගැන කතාවෙනවා. ආණ්ඩුවේ පෙනුම වහා වෙනස් කළ යුතුයි. සීමිත ප‍්‍රමාණයකට යටත් කළ යුතුයි.

ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් අපිට තෙල් පාවිච්චිය සීමා කිරීමට සිදු වෙනවා. කූපන් ක‍්‍රමයකට යන්න වෙනවා. ධනවතාටත් දුප්පතාටත් එකම මිලකට තෙල් දෙන්නේ. සහන මිලට පෝසතුන්ට තෙල් දිය යුතු නැහැ. මෙය අලූත් පියවරක්.

බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා (ශී‍්‍රලපොපෙ)

225ටම යන්න කියලා ජනතාව කියනවා. ජනාධිපති ඉල්ලා අස්වූ විට 225 න් කෙනෙක් තමයි දාන්න වෙන්නේ. ජනතාව ඊට කැමති නැහැ. අපිට අභ්‍යන්තරයේ වහාම විසඳුමකට නාවොත් ජනතාව 225ට එල්ල කරන චෝදනා හරි වෙනවා. අපි වහාම ඉක්මන් විසඳුමක් ලබා දෙමු. දේශපාලනය පසෙක තබමු. අපේ ජනතාව වෙනුවෙන් කි‍්‍රයා කරමු.

මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රෝහිනී කවිරත්න (සජබ)

අද රටම පාරට බැහැලා ඉන්න වෙලාවේ ලග්ගල මිනිස්සු බොන්න වතුර ටික නැතිව අසරණ වෙලා.

අන්තිම ඩොලරයෙනුත් ණය ගෙවපු නිසා අපට ඩොලර් නැහැ. ජූලි මාසයේ ණය ගෙවිය යුතුයි. ඒත් ජනතාවගේ අවශ්‍යතා සැපිරිය යුතුයි. ඇෙ`ග් හයිය පෙන්නලා රටේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. රට කරන්න පුළුවන් පිරිසකට රට භාරදිය යුතුයි.

හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මහින්ද අමරවීර-

අපි අර්බුදයේ අවසන් කොටසේ ඉන්නේ. මෙයින්

ගොඩඑන්න හැමෝටම අයිතියක් තියෙනවා. පක්ෂවලට චෝදනා කර කර ඉඳලා වැඩක් නැහැ. තෙල් නැව මුහුදේ, ගන්න ඩොලර් නැහැ. 70 – 77 යුගය ඉදිරියට ගියා නම් අපි අද ණය ගන්න නොවෙයි ණය දෙන රටක් බවට පත් වෙනවා. රාජ්‍ය කර්මාන්තශාලා හදා ගත්තා. අද ඒවා නැහැ. 77 සිට මේ දක්වා සිටි සියලූදෙනා මීට වගකිව යුතුයි.

මැති ඇමැතිවරුන් අල්ලස් ගත්තා කියලා කවුරුවත් හිරේ දාලා තියෙනවද? අල්ලස් කොමිසම ගන්නේ පොඩි පොඩි සිද්ධි විතරයි. අර්බුදෙන් මිදෙන්න පැහැදිලි සැලැස්මක් අවශ්‍යයි.

මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වීරසුමන වීරසිංහ (ශී‍්‍රලපොපෙ)

අද දේශපාලන අර්බුදයේ උච්චස්ථානයට ඇවිල්ල මේ අර්බුදය ප‍්‍රචණ්ඩත්වයට යන්න පුළුවන්. අපට වූ වැරදි ගැන කල්පනා කර උද්දච්චකමින් ඉවත් වී ඇත්ත කතාකරන්න.

කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රාජිත සේනාරත්න (සජබ)

ලෙඞ්ඩුන්ට බෙහෙත් නෑ. මම කලින් සිටම කිව්වා කවුරුවත් බැලූවෙ නෑ. අන්තිමට ජනාධිපති පිට එනවා. විදුලිය නැහැ. තෙල් නැහැ. ජනතාවගේ අඳෝනාව අපි නියෝජනය කළ යුතුයි.

225ම එපා නම් සමාජයම එපා වෙනවා. ඒවා බොරු සටන් පාඨ. මහ මැතිවරණය විසඳුම වුවත් එය කරන්න බැහැ. කෝටි 850ක් වැය වෙනවා. අන්තර් වාර පාලනයකින් තෙල්, බෙහෙත් දෙන්න පුළුවන්ද? නැති වූදාට එදාටත් ජනතාව එළියට බසීවි. රට බේරා ගැනීමට අපි රටට අවශ්‍ය මුදල් ප‍්‍රමාණය සොයා ගත යුතුයි.

උද්ඝෝෂණයේ තරුණයින් ජාතිවාදය ප‍්‍රතික්ෂේප කරනවා. ජාතිවාදී භික්ෂූන් ප‍්‍රතික්ෂේප කරනවා. ජාතිවාදය ආගම්වාදය රට විනාශ කළා.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජගත් කුමාර (ශී‍්‍රලපොපෙ)

විපක්ෂයට බහුතරය පෙන්වා ආණ්ඩුව ගන්න කිව්වත් කවුරුත් නැහැ. විපක්ෂ නායක ආණ්ඩුව ඉල්ලූවත් අද එපා කියනවා. අඩුම ගානේ විපක්ෂයෙ සියලූ දෙනාත් ආණ්ඩුවේ අයත් එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවා ගන්න. එහෙම නැත්නම් දේශපාලන ගේම් නැතිව අර්බුදය විසඳන්න අවංකව සහාය දෙන්න.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මනුෂ නානායක්කාර (සජබ)

අද ජනතාව ජීවත්වෙන්න බැරි තරමට පීඩාවට පත් වෙලා. මුල්‍ය අරමුදලෙන් අවශ්‍ය වෙලාවට ණය ගත්තෙ නැහැ. 9 දාට කොළඹට මිනිස්සු එන්නේ යළි නොයන්නයි. මේ රට ලිබියාවක් කරන්න එපා. ව්‍යවස්ථාව වෙනස් කර ජනපති අස්වෙන්න.

පාර්ලිමේන්තුව අද (08 දා)
පෙරවරු 10.00ට යළි රැස් වෙයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment