රජයේ රෝහල්වල ගෙවන වාට්ටුවලට එරෙහිව ජනපතිට සංදේශයක්

155

රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් මුදල් අයකිරීමට ගෙන ඇති තීරණයට සහ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ, උපකරණ සහ පරීක්‍ෂණයන්ට අවශ්‍ය පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඊයේ (01 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංදේශයක් භාර දුන්නේය.

උක්ත ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

මීට අමතරව රට පුරා ජනතාවගෙන් අත්සන් දස ලක්‍ෂයක් ලබාගනිමින් එම පෙත්සම ද ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගන්නා බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment