ෆොක්ස් හිල් අනතුරට කමිටුවක්

107

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසුවේය.අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment