උල්හිටිය යෝජිත අලි කොරිඩෝව අවට රක්‌ෂිතයත් විනාශයි… සංවිධානාත්මක පිරිසක් බලෙන් ඉඩම් අල්ලති

215

මහියංගණ, ගිරාදුරුකෝට්ටේ, උල්හිටිය ගම්මානයේ, වී මෝල් සංකීර්ණ ප‍්‍රදේශයේ, උල්හිටිය පෙදෙසෙහි පිහිටුවීමට යෝජිත, වස්ගමුව හා මාදුරුඔය වන උද්‍යානය යාකරන ‘අලි කොරිඩෝව’ (වන උද්‍යාන දෙකක් අතර වන අලි ගමන් කිරීම සඳහා වෙන් කරන ලද මාර්ගය) සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති බිම් කොටස දේශපාලන බලය යොදා සංවිධානාත්මක පිරිසක් විසින් රක්ෂිත කොටසේ කැළෑ එළි පෙහෙලි කරමින් කුඩා කූඩාරම් නිවාස ඉදිකරමින් අත්පත් කරගනිමින් සිටිති. ඉවක් බවක් නොමැතිව රක්ෂිතය එළි කිරීමෙන් විශාල වන විනාශයක්ද සිදු වෙමින් පවතී.



 alikorido700අලි කොරිඩෝවට යෝජිත කොටසේ නිරන්තර දකින්නට ලැබෙන වන අලි රංචු
 
 
 මහියංගණ, ගිරාදුරුකෝට්ටේ, උල්හිටිය ගම්මානයේ, වී මෝල් සංකීර්ණ ප‍්‍රදේශයේ, උල්හිටිය පෙදෙසෙහි පිහිටුවීමට යෝජිත, වස්ගමුව හා මාදුරුඔය වන උද්‍යානය යාකරන ‘අලි කොරිඩෝව’ (වන උද්‍යාන දෙකක් අතර වන අලි ගමන් කිරීම සඳහා වෙන් කරන ලද මාර්ගය) සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති බිම් කොටස දේශපාලන බලය යොදා සංවිධානාත්මක පිරිසක් විසින් රක්ෂිත කොටසේ කැළෑ එළි පෙහෙලි කරමින් කුඩා කූඩාරම් නිවාස ඉදිකරමින් අත්පත් කරගනිමින් සිටිති. ඉවක් බවක් නොමැතිව රක්ෂිතය එළි කිරීමෙන් විශාල වන විනාශයක්ද සිදු වෙමින් පවතී.
 
 අලි කොරිඩෝවට යෝජනා කර ඇති භුමියට ඉතා ආසන්නයේ රක්ෂිත කොටසේ කැළෑ එළි කරමින් බිම් කොටස් අත්පත් කරගැනීම සිදුකර ඇත. මහියංගණය ප‍්‍රදේශයේ දේශපාලනයට සම්බන්ධ අයගේ ආධාරකරුවන්ද ඊට සමගාමීව එම ප‍්‍රදේශයේ කඩිනමින් ඉඩම් අත්පත් කර ගැනීම සිදු කරමින් සිටියි. එහි බිම් කොටස් 100කට වඩා වැඩි ප‍්‍රමාණයක කැළෑ එළිකර භූමිය අත්පත් කරගෙන වැට මායිම් ගැසීම සති කිහිපයක සිට මේ වනතුරු සිදු කෙරෙමින් තිබෙන බවට ගම්වාසීහු චෝදනා කරති.
 
 තවද දේශපාලන ආධාරකරුවකු එම ඉඩම් පෙන්වා මුදල් අයකිරීමක් සම්බන්ධයෙන් මහවැලි නිලධාරින් විසින් ගිරාඳුරුකෝට්ටේ පොලිස්ථානයේ පැමිණිල්ලක්ද ගොනු කර ඇත.
 
 මෙම පිරිස් කැළෑ එළිකර අත් පත් කර ගනිමින් සිටින ප‍්‍රදේශය නිරන්තර වන අලි රංචු පිටින් සැරිසරණ අතර වස්ගමුව හා මාදුරුඔය වන උද්‍යානය අතර වන අලි නිරන්තර ගමන් ගන්නා මාර්ගයක් ලෙස ප‍්‍රචලිතය.
 
 මෙම කොටසේ ඉඩම් ජනතාවට බෙදා දුනහොත් අලි මිනිස් ගැටුම අවම කරගැනීම අරමුණ ඇතිව ඉදිරියේදී ඇති කිරීමට සූදානම් වන අලි කොරිඩෝව පිහිටුවීමට නොහැකි වන බවත්, එම ප‍්‍රදේශයේ නිරන්තර රැුඳී සිටින වන අලි ප‍්‍රහාරයන්ට ලක්වීමට මෙම ඉඩම්ලාභීන්ට සිදුවීමෙන් මහවැලි සී කළාපයේ අලි මිනිස් ගැටුම් තව තවත් උග‍්‍ර වනු ඇති බවටත් මිනිස් ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමි වනු ඇති බවටද ගිරාඳුරුකෝට්ටේ මහවැලි ගම්වාසීහු මැසිවිලි නගති.
 
 ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ඨාස කළමනාකාර ක‍්‍රිෂාන්ත කුමාර මල්වත්ත මහතා :
 
 ඔය කියන ප‍්‍රදේශයේ පිරිසකට බලපත‍්‍ර දීලා තියෙනවා. ඉන් කොටසකට අපි ඉඩම් මැනලා ඉඩම් පෙන්නලා වෙන්කර දීලා තියෙනවා. අපේ අවසරයකින් තොරව පිරිසක් එම කොටසේ ඉඩම් අල්ලමින් ඉන්නවා මේ දින වල.
 
 පුද්ගයෙක් ඉඩම් බෙදීම සඳහා මුදල් අය කරන බවටත් අපිට පැමිණිලි ආවා. අපි ඒ ගැන ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. ඒ සම්බන්ධයෙන් ඇළ දෙපසින් බදුල්ල පැත්තෙන් මීටර් 250ක් හා ඇළේ අනෙක් පැත්තේ අම්පාර දිස්ත‍්‍රික්කය පැත්තට වන කොටසේ මීටර් 250ක් එක්ක සම්පුර්ණ මීටර් 500ක් අපි වෙන් කරලා තියෙනවා යෝජිත අලි කොරිඩෝව සඳහා. අපි එම කොටසේ ඉඩම් මිනුම් කටයුතු සිදු කර වෙන් කරලා නීතිමය ලෙස රාජකාරි කටයුතු සිදු කිරීමට පෙර පිරිසක් ඉඩම් අල්ලමින් ඉන්න එක තමයි මේ ගැටළුව බවට පත් වෙලා තියෙන්නේ.
 
හියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment