උදර්පන නීතිය සංශෝධනයට ඇමරිකාවේ සහාය

286

ශ්‍රී ලංකාවේ උදර්පන නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සහාය ලබාදීමට ඇමරිකාව ඉදිරිපත් වී ඇත.

උදර්පන නීතිය යනු යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙනත් රටකට ගෙන්වා ගැනීම හෝ පිටකිරීම සඳහා රටවල් අතර පවතින නීතිමය බැඳීමය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා හා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ නීති උපදේශක ජෝන්ස්. එම්. වෝකර් (Jons M. walker) මහතා අතර හමුවක් 09 දා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී වෝකර් මහතා පනත සංශෝධනයට අවශ්‍ය කරන පුහුණුවීම් ලබාදීමට සුදානම් බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ දැනට පවතින නඩු ප්‍රමාදයන් විශේෂයෙන්ම අපරාධ නඩු ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙන්ම එම ක්‍රමවේදයන් එක්සත් ජනපදයේ දැනට පවතින නෛතික ක්‍රමවේද පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment