‘පන්න ක්‍රමය එපා’ ත්‍රි’මලේ ධීවරයෝ පාර හරස් කර විරෝධතාවක

111

තහනම් පන්න ක්‍රම මගින් මසුන් ඇල්ලීමට එරෙහි වූ ත්‍රිකුණාමලය ධීවර කාර්මිකයෝ පිරිසක් ඊයේ (13දා) ත්‍රිකුණාමල සිරිමාපුර හන්දියේ සිට පෙළපාලියකින් ඇතුල් වරාය පාරේ පිහිටි ධීවර හා ජලජ සම්පත් ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිටට පැමිණ දැවැන්ත විරෝධතාවක් කළහ. පෙළපාලියෙන් පැමිණි ධීවර පිරිස ප්‍රාදේශීය ධීවර කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය හරස් කර බිම ඉඳගැනීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය කිහිපයකට නතර විය. මෙහිදී අදහස් දැක්වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපති එම්. සී. පියල් හේමසිරි මහතා පැවසුවේ තහනම් පන්න ක්‍රම මගින් මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ වන බවයි.
සමන් මල්ලවාරච්චි – ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment