ජනපති අද එජා සමුළුව අමතයි

63

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21 දා) සිය දේශනය පැවැත්වීමට නියමිතය.

එසේම 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශ සපයුන ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දේශනයක් පවත්වයි.

සිය නිව්යෝර්ක් සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා ඇතුළු අනෙකුත් සාමාජික රටවල රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment