ඊයේ කොළඹදී අන්තරේට ජල ප්‍රහාර

170

මාස 7 ක් තිස්සේ සිරගත කර සිටින කැලණිය විශ්වවිiාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ එම විශ්වවිiාලයේ 4 වැනි කණ්ඩායම් නායක දිල්ෂාන් හර්ෂණ වහා මුදාහරින්නැයි බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (26 වැනිදා) සවස සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී පොලිසිය ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙම උණුසුම් තත්ත්වය හමුවේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය. මෙම විරෝධතා පා ගමන සඳහා 350 කට අධික පිරිසක් සහභාගී වූහ.

ඊයේ කොළඹදී අන්තරේට ජල ප්‍රහාර

මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිiාල භික්‍ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමිපාණෝ මෙසේද කීහ.

කැලුම් මුදන්නායක සහෝදරයා හා දිල්ෂාන් සහෝදරයා නිකරුනේ හිරකරගෙන ඉන්නවා. මේක අසාධාරණයි. අසාධාරණයන්ට එරෙහිව හඬ නගපු දෙන්නෙක් සිර කරගෙන සිටීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මේ අය තවදුරටත් සිරකරගෙන ඉන්වානම් ඉදිරියේදී සියලු වෘත්තීය සමිති, ජනතාව ඒකරාශී කරගෙන මීට වඩා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට යනවා. ආණ්ඩුව එන්න එන්න මර්දනය වැඩි කරමින් තිබෙනවා. අසාධාරණයට එරෙහිව හඬක් නගන්න බැහැ. අද අපි බොහෝම සාමකාමී පා ගමනක් ආවේ.
ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත, සටහන – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment