ශ්‍රී ලංකා ‘ඒ’ ඇෆ්ගනිස්තාන ‘ඒ’ අවසන් එක් දින ගැටුම අද

276

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය හම්බන්තොටදී අද (07 දා) පැවැත්වේ.

කණ්ඩායම් දෙක අතර ඊයේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන් සංචාරක කණ්ඩායම ජයග්‍රහණය කළ අතර එය ඔවුන් ජය ගත් පළමු තරගය විය.

පළමු තරග 3 ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර ඒ අනුව මේ වනවිට 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කර ඇත.

පෙරේදා පැවති සිව්වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ දී ලකුණු 275ක් රැස් කළ අතර ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු දෙකක් (49.4) ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලැබීය.

ශ්‍රී ලංකා නායක නිශාන් මධුෂ්ක ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණෙමින් ලකුණු 115ක් රැස්කිරීමට සමත් වූ අතර මධුෂ්කගේ ඉනිමට හතරේ පහර 09ක් හා හයේ පහර 02ක් ඇතුළත් විය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රියාස් හසන් පන්දු 128කින් ලකුණු 106ක් රැස් කළේය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment