රැඳවියකුට දුරකතනයක් දුන් නියාමකට වැඩ වරදී

448

යාපනය බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ඝණයේ රැඳවියකුට ජංගම දුරකතනයක් ලබා දුන් බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මොහු ඉකුත් 13 වැනිදා පෙරවරු 6.30ට පමණ යාපනය බන්ධනාගාරයේ B විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියාට එම ජංගම දුරකතනය ලබා දෙනු CCTV දර්ශන පරික්ෂාකිරිම මගින් තහවුරු කර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.රැඳවියාට ලබාදුන් ජංගම දුරකතනය හා සිම් කාඩ් පත යාපනය පොලිසිය වෙත භාර දී ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි. සැකකාර නියාමකවරයා මේ වනවිට අනුරාධපුර බන්ධනාගාරයේ රදවා තබා ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment